Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා රග්බි පිල ඔලිම්පික් කමිටු ධජයෙන් ආසියානු තරග බිමට

ශ්‍රී ලංකා රග්බි පිල ඔලිම්පික් කමිටු ධජයෙන් ආසියානු තරග බිමට

editorial - 2022 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පනවනු ලැබ ඇති ජාත්‍යන්තර තහනම හේතුවෙන් මෙවර (2022) ආසියානු සත් සාමාජිත රග්බි තරගාවලියේදී ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග වැදීමට සිදුව තිබේ. 

තරගාවලිය අදියර තුනකින් සමන්විත වන අතර එහි පළමු අදියර මෙම මස 22 සහ 23 යන දිනවලදී තායිලන්තයේ පැවැත්වේ. කෙසේ වුවත් ශ්‍රී ලංකාවට පවතින තහනම හේතුවෙන් එම අදියර සහභාගි වීමට අවස්ථාව අහිමිවී තිබේ.

එහි දෙවැනි අදියර නොවැම්බර් මස 12 සහ 13 යන දිනවලදී දකුණු කොරියාවේදීත්, 26 සහ 27 යන දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීත් පැවැත්වීමට නියමිතය. ආසියානු රග්බි සම්මේලන සභාපති කයිස් අලි දලායි මහතා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර පැවැති හමුවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට එම අදියර දෙකට සහභාගි වීමේ අවස්ථාව හිමිවී තිබේ.

කෙසේ වුවත් තරගාවලියට සහභාගි වීම සඳහා අවසර හිමිවුවද, පවතින තහනම හමුවේ ශ්‍රී ලංකා ධජය යටතේ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට තරග වැදීමට නොහැකි වන අතර ඔවුන්ට ජාතික ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ තරගාවලියය සහභාගී වීමට සිදුවනු ඇත. 

මින් පෙරද විවිධ රටවල් ජාත්‍යන්තර තහනම් පැවැති අවස්ථාවල එම රටවල ඔලිම්පික් කමිටු ධජයන් යටතේ ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගි වී තිබේ. අවසන් වරට පැවැති ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා රුසියාව සහභාගි වූයේද එරට ඔලිම්පික් කමිටු ධජයට යටතේය. 

මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමයට තාවකාලික තහනමක් පනවමින් එහි සියලු බලතල ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත පැවරීමට එවකට සිටි ක්‍රීඩා සහ යෞවන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගත්තේය. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවීමට ආසියානු රග්බි සම්මේලන කටයුතු කළේය. 

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි පිල ඔලිම්පික් කමිටු ධජයෙන් ආසියානු තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.