Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුසලාන වටයට මාන බලති
ආසියානු සත් සාමාජික රග්බි

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුසලාන වටයට මාන බලති

editorial - 2022 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද දකුණු කොරියාවේ ඉන්චියෝන් නුවර සිට..)

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලි‍යේ දෙවැනි අදියර යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඉන්චියෝන් නුවර නම්දොන් ඒෂියාඩ් රග්බි ක්‍රීඩාංගණයේදී අද (12 පැවැති) තරගයෙන් ලකුණු 26-12 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීම කෙරෙහි බලාපොරොත්තු රඳවාගත්හ.

ඉන් අනතුරුව පැවැති තරගයකදී හොං කොං කණ්ඩායම හමුවේ චීනය ලකුණු 19-10 ක් ලෙස පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තවත් ඉහළ ගියේය. කෙසේ වුවත් ශ්‍රී ලංකාවට මෙන්ම චීනයටද තවමත් කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවති. එබැවින් එකිනෙකාට එරෙහිව තරගවදින අවස්ථාවේදී චීනය පරාජයට කිරීමට සමත්වන්නේ නම් පමණක් ශ්‍රී ලංකාව කුසලාන වටයට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයේ පළමු අර්ධ නිමාවට පත්වන විට ලකුණු 14-07 ක්  ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක‍යෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 12 ක් රැස්කළහ. එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

මෙම තරගයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සමගින් ශ්‍රී ලංකාව ලකුණු රැස්කරද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් සමගිනි.

තරගයේ තෙවැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගැනීමට සමත් වූ අංජුල හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කළ තරින්ද රත්වත්තේ ශ්‍රී ලංකාවට තවත් ලකුණු 2 ක් එක් කළේය.

කෙසේ වුවත් 5 වැනි විනාඩියේදී සකියුසා නයිසාවු ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට මේරියස් කෘගර් සමත් වීමත් සමග ලකුණු 7 බැගින් ලබා ශ්‍රී ලංකාව හා සම තත්ත්වයට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හැකි විය.

පළමු අර්ධයේ අවසන් විනාඩියේදී එනම් තරගයේ 7 වැනි විනාඩියේදී තමා ලබාගත් උත්සාහයේ ප්‍රවර්ථනයද සාර්ථක කරගනිමින් ශ්‍රී ලංකාවට තවත් ලකුණු 7 ක් තිළිණ කර දුන් චතුර සෙනෙවිරත්න, එම අර්ධය අවසන් වන විට ලකුණු 14-07 ක් ලෙස සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය.

තරගයේ 11 වැනි විනාඩියේදී තරින්ද රත්වත්තේද, 13 වැනි විනාඩියේදී රමේෂ් සූරියබණ්ඩාරද උත්සාහක දිනුම් ලබාගැනීමට සමත්‍ වෙද්දී, ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් මිතුන් හපුගොඩ, කණ්ඩායම් දෙක අතර පැවැති පරතරය වැඩි කිරීම සඳහා ලකුණු 2 කින් සහය දැක්වීය.

තරගයේ අවසන් විනාඩියේදී (14 වැනි) ‍එක්සත් අරාබි එමීර් රාජ්‍යය‍ වෙනුවෙන් ගෝල දිනුමක් ලබාගැනීමට මැක්ස් ප්‍රෙස්ටන් සහ මේරියස් කෘගර් සුසං‍යෝගය සමත් වුවද ඉන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට කිසිදු බාධාවක් සිදු නොවීය.


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුසලාන වටයට මාන බලති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.