Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහේල ජයවර්ධන සහ බ්‍රයන් හබානා ‘වෙබ් එළිස්’ කුසලානය සමගින්...
රග්බි ලෝක ශූරයන්ට පිරිනැමෙන ‘වෙබ් එළිස්’ කුසලානය රැගෙන දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ හිටපු විශිෂ්ටයකු වන බ්‍රයන් හබානා, පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ වසරේදී ප්‍රංශයේ පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියට පොරතුව ලෝක චාරිකාවක නිරත වන ‘වෙබ් එළිස්’ කුසලානය ශ්‍රී ලංකාවට ගෙනා පළමු අවස්ථාව මෙයයි.
මේ වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ අපේක්ෂාවන් පිළිබඳව අදහස් දක්වමින් හබානා පවසා සිටියේ වර්තමානයේදී ලෝකයේ රග්බි කණ්ඩායම් වල ශක්තිය අනුව, දැනට ලෝකයේ සිටින හොඳම කණ්ඩායම අයර්ලන්තය බවයි.
ලෝකයේ ප්‍රබලතම කණ්ඩායම් හතර වන නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ප්‍රංශය සහ අයර්ලන්තය යන කණ්ඩායම් හතරෙන් දෙකක් වත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති බවද බ්‍රයන් හබානා කියයි.
රග්බි ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේදී, 2019 ලෝක කුසලානය තරගාවලිය මෙතෙක් පැවති හොඳම තරගාවලිය බව පවසන හබානා 2023 තරගාලියද ඒ තරමටම උද්වේගකර වනු ඇතැයි කියයි.
ලෝක කුසලාන රග්බි තරගාවලියේ ප්‍රධාන පෙළේ අනුග්‍රාහකයකු වන ‘මාස්ටර් කාඩ්’ සමගින් එක්ව සිටින බ්‍රයන් හබානා ශ්‍රී ලංකාවේ රැඳී සිටි කෙටි කාලයේදී ව්‍යාපාර ප්‍රවර්ධන උත්සව රැසකට සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඓතිහාසික කේන්ද්‍රස්ථානයක් වන මහනුවරටත් ලෝක කුසලානය රැගෙන ගියේය.
මේ වසරේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ 10 වැනි ලෝක කුසලාන තරගාවලියයි. 1987 දී ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය (1987, 2011 සහ 2015) තුන් වතාවක්ද දකුණු අප්‍රිකාව (1995, 2007 සහ 2019) තුන් වතාවක් ද කුසලාන දිනා තිබේ. ඕස්ට්‍රේලියාව (1991 සහ 1999) හා එංගලන්තය (2003) අනෙක් අවස්ථාවලදී රග්බි ලෝක කුසලාන දිනාගත්හ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන මීට වසර පහකට පමණ පෙර ශ්‍රී ලංකා පාසල් රග්බි තරග වල වීඩියෝ පට කිහිපයක් තමාට පෙන්වූ බවත්, එම තරග වලදී ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සහ රග්බි ක්‍රීඩාව කෙරේ ඔවුන් දැක්වූ ලැදියාව තමන්ට ඇදහිය නොහැකි වූ බවත් හබානා පැවසීය.
දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමේ හිටපු උප නායකයා වන බ්‍රයන් හබානා, ලෝක කුසලාන රග්බි තරගාවලිවල වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවේ සම වාර්තාවට හිමිකම් කියයි.
“ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ දේශපාලන එදිරිවාදිකම් තියෙන බව මා දන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මේ මොහොතේ ප්‍රශස්ත මට්ටමක නොතිබෙන්න පුළුවන්. නමුත් මීට වසර පහකට පෙර එම රග්බි වීඩියෝ දර්ශන දුටු විට මට එය විශ්වාස කිරීමට පවා නොහැකි වුණා”
“විශේෂයෙන්ම පාසල් තරග වල සහ ක්‍රීඩා සමාජ අතරේ ඉහළ මට්ටමේ රග්බි වටිනාකම් තිබෙන බව මම විශ්වාස කරනවා. ඒත් එම ආශාව අවුරුදු 25 වයස් සීමාව ඉක්මවා නොයෑම තරමක් විමතියට කරුණක්.. ඒ පරිපාලන අර්බුද නිසා විය හැකියි. නමුත් රග්බි ක්‍රීඩාව සඳහා ඇති ආශාව සහ එයින් ලබන්නා වූ නිර්මල වින්දනය මට හොඳින් වැටහෙනවා....”
“ක්‍රීඩාවේ පරිපාලන ආයතනවලින් මීට වඩා දෙයක් කරනවා නම් හොඳයි”
“ශ්‍රී ලංකා (රග්බි) කණ්ඩායමක් පසුගිය වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වුණා. එය ගෝලීය රග්බි වේදිකාවේ සෑම වසර හතරකට වරක්ම ලැබෙන හොඳ අවස්ථාවක්. එම වසර හතර අතර සිදු වන දේ රග්බි ක්‍රීඩාවේ අඛණ්ඩ වර්ධනයක් වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වනවා” යයි හබානා කොළඹදී කීවේය.
- 213
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.