Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විද්‍යාර්ථ - ඩී. එස්. සත් සාමාජික රග්බි සම ශූරතා දිනති

විද්‍යාර්ථ - ඩී. එස්. සත් සාමාජික රග්බි සම ශූරතා දිනති

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් සංවිධානය කෙරුණු වයස අවුරුදු 19 න් පහළ පාසල් සත් සාමාජික I වැනි කොටසේ රග්බි ශුරතාවලියේ සම ශූරයෝ ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අභිෂේක ලැබීය.

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ලකුණු 27-00 ක් වශයෙන්පරාජය කළ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් එහි බඳුන ශූරතාව දිනා ගන්නා ලදි.

කොළඹ කේරි  විදුහල ලකුණු 10-07 ක් වශයෙන් පරාජය කළ කටුගස්තොට රාහුල විදුහලට  එහි පළඟ ශූරතාව හිමිවිය.

මෙම තරගාවලියේ සිදුවූ සුවිශේෂම සිදුවීම වූයේ මෙවර රග්බි පිටියේ ලීග් ශූරතාව සහ පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව යන ශූරතා දෙකම දිනා නිත්තවෙලට පැමිණි ඉසිපතන  ක්‍රීඩකයන්ට අවසන් පූර්ව තරගයේදී විද්‍යාර්ථ පිල වෙතින් බලාපොරොත්තු නොවූ පරාජයකට ලක් වීමට සිදුවීමයි.  එහිදී ඔවුන් ලකුණු 12-10 ක් වශයෙන්පරාජය ලබමින් ශූරතා තරගාවලියෙන් ඉවත්විය.

තරගාවලියේදී සුවිශේෂී දස්කම් දැක්වූ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල ලකුණු  26-12 ක් වශයෙන් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.

අවසන් මහා තරගයේ අවසන් නළා හඬ නිකුත් වන විට දෙපිලම 10-10 ක් වශයෙන් සම ලකුණු මට්ටමේ සිටි බැවින්දෙපිලම සම ශූරයන් වශයෙන් නම් කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය .

කුසලානය පිරිනමන අවස්ථාවේදීඑය පළමු මාස 06 හිමි කරගන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇතිවූ අතර අවසානයේ විද්‍යාර්ථ බලධාරීන් තීරණය කළේ එය ඩී. එස්. සේනානායක විදුහලට ලබාදීමටයි .

පාසල් සත් සාමාජික රග්බි සම ශූරයන් වූ විද්‍යාර්ථ සහ ඩී. එස්. සේනානායක කණ්ඩායම් කුසලානය අතැතිව.

 

ඡායාරූප - ෂේන් සෙනෙවිරත්න


අදහස් (0)

විද්‍යාර්ථ - ඩී. එස්. සත් සාමාජික රග්බි සම ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.