Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වයස 16 න් පහළ රග්බි ශූරතාව ත්‍රිත්ව විදුහලට

වයස 16 න් පහළ රග්බි ශූරතාව ත්‍රිත්ව විදුහලට

editorial - 2023 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කළ වයස අවුරුදු 16 න් පහළ දස සාමාජික පාසල් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට ත්‍රිත්ව විදුහල ඊයේ (26 වැනිදා) සමත් විය. පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 12/07 ක ජයක් වාර්තා කරමින් ත්‍රිත්ව ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළ ඉසිපතන ක්‍රීඩකයෝ පළමු අර්ධය නිමාවට පත්වන විට තරගයේ පෙරමුණ ගත්හ. එහෙත් දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත් ත්‍රිත්ව විදුහල, එම අර්ධයේදී ඉසිපතන විදුහලට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදෙමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේය.

අවසන් පූර්ව වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ලකුණු 05-00 ක් ලෙස ජය වාර්තා කරමින් ඉසිපතන විදුහල අවසන් තරගයට සුදුසුකම් ලැබීය. ත්‍රිත්ව විදුහල් අවසන් තරගයට පිවිසියේ අවසන් පූර්ව වටයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 29-00 ක ජයක් වාර්තා කරමිනි.

තරගාවලියේ පළඟ ශූරතාව දිනාගැනීමට ලකුණු 27-10 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කළ මරදාන සහිරා විදුහල සමත් විය. ලකුණු 12-05 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජය කළ කොළඹ වෙස්ලි විදුහල බඳුන ශූරතාව දිනාගනිද්දී, ලකුණු 07-05 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කළ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පලිහ ශූරතාවට හිමිකම් කීවේය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කළ අතර ප්‍රීමා, වෙබෙක්ස්පේ සහ සිද්ධාලේප යන සමාගම් සහ ආයතන සෙසු අනුග්‍රාහයන් ලෙස තරගාවලියට එක්ව සිටියහ.  

 

කුසලාන ශූරතාව
අර්ධ අවසන් පූර්ව වටය
කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 32-00 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.
මහනුවර ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 29-00 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.
මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 10/07 ක් ලෙස මරදාන සහිරා විදුහල පරාජය කරන ලදි.
මරදාන ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 05/00 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.

 

අවසන් පූර්ව වටය
කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 05-00 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.
මහනුවර ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 29-00 ක් ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහල පරාජය කරන ලදි.


අවසන් මහ තරගය
මහනුවර ත්‍රිත්ව විදුහල විසින් ලකුණු 12-07 ක් ලෙස කොළඹ ඉසිපතන විදුහල පරාජය කරන ලදි.


පළඟ ශූරතාව
අවසන් පූර්ව වටය
මරදාන සහිරා විදුහල විසින් ලකුණු 24-05 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 20-07 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.


අවසන් මහ තරගය
මරදාන සහිරා විදුහල විසින් ලකුණු 27-10 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරන ලදි.


බඳුන ශූරතාව
අවසන් පූර්ව වටය
කොළඹ වෙස්ලි විදුහල විසින් ලකුණු 10-00 ක් ලෙස කොළඹ මහානාම විදුහල පරාජය කරන ලදි.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 26-00 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි.


අවසන් මහ තරගය
කොළඹ වෙස්ලි විදුහල විසින් ලකුණු 12-05 ක් ලෙස කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජය කරන ලදි.


පලිහ ශූරතාව
අවසන් පූර්ව වටය
මහනුවර ධර්මරාජ විදුහල විසින් ලකුණු 15-00 ක් ලෙස රත්ගම දේවපතිරාජ විදුහල පරාජය කරන ලදි.

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල විසින් ලකුණු 17-12 ක් ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහල පරාජය කරන ලදි.


අවසන් මහ තරගය
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල විසින් ලකුණු 07-05 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.


අදහස් (0)

වයස 16 න් පහළ රග්බි ශූරතාව ත්‍රිත්ව විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.