Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

editorial - 2022 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (ෂේන් සෙනෙවිරත්න)

රාජකීය විදුහලත් ත්‍රිත්ව විදුහලත් පවත්වන ලද බ්‍රැඩ්බි පළිහ රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තරගය ලකුණු 26-21 ක් වශයෙන් ත්‍රිත්ව විදුහල ජය ලැබූවද මෙවර බ්‍රැඩ්බි පළිහ  දිනාගැනීමට රාජකීය විදුහල සමත් විය. මෙම තරගය පල්ලේකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි පිටියේදී සෙනසුරාදා පැවැත්විණ.

දෙවිදුහලඅතර පවත්වනු ලබන සාම්ප්‍රදායික රග්බි තරගයක් වන මෙය මෙවර පවත්වනු ලැබූයේ 76 වැනි වතාවටය .

අදියර දෙකක් යටතේ පවත්වනු ලබන මෙම තරගයේඅදියර දෙකේම ලකුණු එකතු කොට වැඩි ලකුණු ලබා ගන්නා කණ්ඩායමට පළිහ  හිමිවන බැවින් පළමු අදියර යටතේ කොළඹ දී පැවැති තරඟයෙන් ලකුණු  29-00 ක් වශයෙන්රාජකීය විදුහල ජය ලැබීම හේතුවෙන් එම පළිහ  රාජකීය පිලට හිමිවිය. ඒ අනුව රාජකීය විදුහල අදියර දෙකේදීම ලකුණු 50-26 කජයක් වාර්තා කරමින් බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට සමත් විය .

දෙවැනි අදියරේ තරගයෙන්ත්‍රිත්ව විදුහල උත්සාහක දිනුම් 04 ක් සහ දඬුවම් පහර 02 ක් වාර්තා කරමින්ජය වාර්තා කළ අතර රාජකීය විදුහල උත්සාහක දිනුම් 03ක් සහ දඬුවම් පහර 02ක් සාර්ථක කර ගැනීමට සමත් විය. ප්‍රථම අර්ධයනිමා වන විට ලකුණු 10-08 ක් වශයෙන් ත්‍රිත්ව විදුහල ඉදිරියෙන් විය .

ත්‍රිත්ව විදුහල වෙනුවෙන් ෂවින් ප්‍රේමරත්න උත්සාහක දිනුම් තුනක්ද කවීෂ එඩීමා උත්සාහක දිනුමක්ද වාර්තා කළේය. කෝවිද වික්‍රමසිංහ සහ අනුෂ කොඩිතුවක්කු දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගත්හ.

රාජකීය විදුහල වෙනුවෙන් ධනුජ සමරරත්න උත්සාහක දිනුම් දෙකක් සහ පසිඳු හේෂාන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර නාබිල් යහියා දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගත්තේය.

ගිහාන් යටවර මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය .

(ඡායාරූපය - ශේන් සෙනෙවිරත්න)


අදහස් (0)

රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.