Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
අන්තර් සමාජ රග්බි ලීගයේ ශූරයන් ඇගයීම සඳහා ඉකුත්දා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කුසලාන ශූරතාව දිනාගත් මහනුවර ක්‍රිඩා සමාජය ඊට අදාල කුසලාන නිපෝන් පේන්ට් සමාගමේ සාමාන්‍යාධිකාරී නේමන්ත අබේසිංහ මහතා අතින් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙම වසර සඳහා සංවිධානය කළ අන්තර් සමාජ රග්බි ලීගයේදී අපරාජිත බව රැකගනිමින් මහනුවර ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. එහි අනු ශූරතාව හිමිකරගනු ලැබුවේ හැව්ලෝක් ක්‍රීඩා සමාජය විසිනි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ තරින්ද රත්වත්තේ සම්මාන ලැබූ අතර ඒ වෙනුවෙන් ඔහු රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයකටද හිමිකම් කීවේය. තරගාවලියේ පළඟ ශූරතාව දිනාගත් නාවික හමුදා කණ්ඩායම මෙන්ම පළඟ අනු ශූරතාව හිමිකරගත් ගුවන් හමුදා කණ්ඩායමද එහිදී ඇගයීමට ලක් විය.
නිපෝන් පේන්ට් සමාගම සංවිධානය කර තිබූ මෙම සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන්, නිපෝන්ට් පේන්ට් සමාගමේ නිලධාරීන් සහ රග්බි ක්‍රීඩකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.