අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේ අද (30) පස්වරුවේ පැවැති තරගයෙන් යුද හමුදා ක‍්‍රීඩකයෝ ලකුණු 24-13 ක ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි යුද හමුදා පිල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු ලැබීය. ගුවන් හමුදා පිලට උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
යුද හමුදා පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 24-8 ක් ලෙස පෙරමුණ ගත්තේය.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.