Last Update  :  2025-05-02 21:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ 8 වැනි ජයත් ලබති
රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ 8 වැනි ජයත් ලබති

editorial - 2023 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අටවැනි සතිය යටතේ ඊයේ (5 වැනිදා) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 37-28 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 18-07 ක් ලෙස මහනුවර ක්‍රීඩකයෝ තරගයේ වැඩි වාසි අත්කරගෙන සිටියහ. දෙවැනි අර්ධය තුළ නාවික හමුදා කණ්ඩායම ලකුණු 21 ක් ලබාගනිද්දී, මහනුවර කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි. එහෙත් පළමු අර්ධය තුළ රඳවාගෙන සිටි ලකුණු පරතරය හේතුවෙන් තරගයේ ජය මහනුවර කණ්ඩායම සතුවිය.  

පළමු අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් උත්සාහක දිනුමක් වාර්තා කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමකට සීමා වූ නාවික හමුදා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමට දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 3 ක් ඇතුළත් විය.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් නයිජල් රත්වත්තේ උත්සාහක දිනුම් 2 ක්ද, දමිත් දිසානායක, දිනාල් ඒකනායක සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම බැගින්ද ලබාගත්හ. නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂ් පෙරේරා උත්සාහක දිනුම් 2 ක්ද, අදීෂ වීරතුංග එක් උත්සාහක දිනුමක්ද ලබාගත්හ.  

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ 8 වැනි ජයත් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.