Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby බස්නාහිර පළාත් ශූරතාව ආනන්දයට

බස්නාහිර පළාත් ශූරතාව ආනන්දයට

editorial - 2022 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බස්නාහිර පළාත් වයස 20 න් පහළ, සත් සාමාජික, රග්බි තරගාවලියේ ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. අවසන් මහ තරගයේදී ඩී.එස්.සේනානායක විද්‍යාලය ලකුණු 21-07 ක් ලෙසින් පරාජය කළ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ ශූරතාව දිනාගත්හ.

මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගාවලියේ අනුශූරතාව කොළඹ ඩී. එස්. සේනානායක විදුහල විසින්ද තුන්වැනි ස්ථානය මහරගම ජනාධිපති විද්‍යාලය විසින්ද හිමිකරගන්නා ලදි.

සෙනසුරාදා (03 වැනිදා) පැවැති අවසන් මහ තරගයේ තුන්වැනි විනාඩියේදීම ඩී.එස්. සේනානායක කණ්ඩායම ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. ඊට ඉක්මනින් පිළිතුරු දුන් ආනන්දීයයෝ පළමු අර්ධය නිමාව වන විට ලකුණු 14-07 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියහ.

දෙවැනි අර්ධයේදී ආනන්දයේ ආරක්‍ෂක ක්‍රීඩකයන්ගෙන් බොහෝ අතපසුවීම් සිදුවූවත්, තමන්ට ලැබුණු අවස්ථාවලින් ප්‍රයෝජනයට ගැනීමට ඩී.එස්. ක්‍රීඩකයෝ අසමත් වූහ. අවසන් නළා හඬ නිකුත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී, වින්ග් ත්‍රී ක්‍රීඩක කුෂිල පෙරේරා සිය දෙවැනි උත්සාහක දිනුම ලබාගත් හෙයින් 21-07 ක් ලෙසින් තරගය අවසන් විය.

පළමු අවසන් පූර්ව තරගයේදී ඩී.එස්.සේනානායක විදුහල විසින් ලකුණු 29-00 ක් ලෙසින් මහරගම ජනාධිපති විද්‍යාලය පරාජය කරන ලදි. දෙවැනි අවසන් පූර්ව තරගයේදී ආනන්ද විද්‍යාලය විසින් ලකුණු 19 - 05 ක් ලෙසින් කොළඹ සහිරා විදුහල පරාජය කරන ලදි.

තුන්වැනි ස්ථානය තේරීමේ තරගයේදී මහරගම ජනාධිපති විද්‍යාලය විසින් ලකුණු 19-12 ක් ලෙසින් සහිරා විද්‍යාලය පරාජය කරන ලදි.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා රග්බි සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ඩීන් මහතා සහභාගි විය. අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධම්මිකා කුලතුංග මහත්මියද, සහිරා විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර්, විද්‍යාලයේ රග්බි සම්බන්ධීකාරක අවුෆර් ජොහාර්, සහ තරගාවලියේ අධ්‍යක්‍ෂ කේ.එස්.පී. කරුණාරත්න යන මහත්වරුද ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූහ. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.


අදහස් (0)

බස්නාහිර පළාත් ශූරතාව ආනන්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.