Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby බස්නාහිර පළාතට 119-00 ක දැවැන්ත ජයක්

බස්නාහිර පළාතට 119-00 ක දැවැන්ත ජයක්

editorial - 2022 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන වයස අවුරුදු 24 න් පහළ ලීග් රග්බි තරගාවලියේ අද (6 වැනිදා) පැවැති තරගයකදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 119-00 අති දැවැන්ත ජයක් වාර්තා කිරීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.

බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 51-00 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටි බස්නාහිර පළාත් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තම කණ්ඩායමට තවත් ලකුණු 68 ක් එක්කර ගත්හ. තරගය පුරා ඌව පළාත් ක්‍රීඩකයන්ට එක් ලකුණක් හෝ රැස්කිරීමට ඉඩක් නොදීමටද බස්නාහිර පළාත් ක්‍රීඩකයෝ එහිදී වග බලාගත්හ.

අද දිනයේ පැවැති තවත් තරග දෙකකදී ලකුණු 56-12 ක් ලෙස මධ්‍යම පළාත පරාජය කිරීමට වයඹ පළාතත්, ලකුණු 22-07 ක් ලෙස ඕල්ඩ් වෙස්ලයිටීස් කණ්ඩායම පරාජය කිරීමට සයන්ස් මෙරූන්ස් කණ්ඩායමත් සමත් වූහ. එම තරගවල පළමු අර්ධයන් අවසානයේ ලකුණු 27-07 ක් ලෙස වයඹ පළාතද, ලකුණු 13-00 ක් ලෙස සයන්ස් මෙරූන්ස් කණ්ඩායමද පෙරමුණේ පසුවිය.

කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ඊයේ (5 වැනිදා) දිනයේදී නිල වශයෙන් ආරම්භ වූ අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංණයේදී පැවැති සමාරම්භක තරගයේදී ෆීල්ඩ් ෆෝස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35-10 ක ජයක් වාර්තා කිරීමට පීටර්සන් කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කරන අතර අලියා සිසිල් බීම සමාගම, ප්‍රීමා සමාගම සහ වෙබ්එක්ප්‍රේ සමාගම සම අනුග්‍රාහකයන් ලෙස තරගාවලිය සඳහා දායකත්වය සපයයි.


පළමු සතියේ තරග ප්‍රතිඵල

■    බස්නාහිර පළාත විසින් ලකුණු 119-00 ක් ලෙස ඌව පළාත පරාජය කරන ලදි.
■    වයඹ පළාත විසින් ලකුණු 56-12 ක් ලෙස මධ්‍යම පළාත පරාජය කරන ලදි.
■    සයන්ස් මෙරූන්ස් පිල විසින් ලකුණු 22-07 ක් ලෙස ඕල්ඩ් වෙස්ලයිටීස් පිල පරාජය කරන ලදි.
■    පීටර්සන් පිල විසින් ලකුණු 35-10 ක් ලෙස ෆීල්ඩ් ෆෝස් පිල පරාජය කරන ලදි.

 


අදහස් (0)

බස්නාහිර පළාතට 119-00 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.