Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසිය අවසන් පූර්ව වටයට
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

පොලිසිය අවසන් පූර්ව වටයට

editorial - 2023 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මූලික වටයේ තරගයකදී ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 22-17 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පොලිසිය අද (26 වැනිදා) සමත් විය.

කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-10 ක් ලෙස පොලිසිය පෙරමුණ ගත්තේය. දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම ලකුණු 7 බැගින් ලබාගත්ද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය හේතුවෙන් තරගයේ ජය පොලිසිය සතුවිය.

පළමු අර්ධයේදී උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ගෝල දිනුමක් සමග ලකුණු රැස්කළ පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් ගුවන් හමුදාව, දෙවැනි අර්ධයේදී ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි.

ශානක හරිෂ්චන්ද්‍ර 8 වැනි විනාඩියේදීද, දුලාංජන විජේසිංහ 39 වැනි සහ 46 වැනි විනාඩිවලදීද පොලිස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 2 ක් සාර්ථක කරගත් ප්‍රින්ස් චාමර, ඉන් නොනැවතී පොලිස් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගත්තේය.  

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ඉෂාර මධුෂාන් 5 වැනි විනාඩියේදීද, නිර්මාල් වික්‍රමසිංහ 80 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථනයන් මෙන්ම ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගනු ලැබුවේ නුවන් පෙරේරා විසිනි.

මෙම තරගයේදී පොලිස් කණ්ඩායමේ සුජාන් කොඩිතුවක්කු (54 වැනි විනාඩියේදී), ප්‍රින්ස් චාමර (79 වැනි විනාඩියේදී), උදාර සූරියප්පෙරුම (81 වැනි විනාඩියේදී), මොහාන් විමලරත්න (82 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පත් ලැබූහ.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

පොලිසිය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.