Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පිළිමළුන් පිටුදැකීමේ තරග හෙට සිට
ඩයලොග් පාසල් රග්බි

පිළිමළුන් පිටුදැකීමේ තරග හෙට සිට

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (27 වැනිදා) සහ අනිද්දා (28 වැනිදා) කොළඹ හැව්ලොක් පිටියේදී සහ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

මෙවර සභාපති කුසලාන සඳහා තරග වැදීමට කොළඹ ඉසිපතන, මරදාන ශාන්ත ජෝෂප්, මහනුවර විද්‍යාර්ථ, ධර්මරාජ, ගල්කිස්ස සාන්ත තෝමස්, වෙස්ලි, ගල්කිස්ස විද්‍යා විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන විදුහල් සුදුසුකම් ලබා සිටිති.

අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලත්, මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඉසිපතන විදුහලත්, කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ගල්කිස්ස විද්‍යා විදුහලත්, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහලත් තරග වැදීමට නියමිතය.

තරගාවලියේ අවසන් පූර්ව තරග සැප්තැම්බර් මස 3 වැනිදා සහ 4 වැනිදා පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතරත්, තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතර අවසන් පූර්ව තරග පැවැත්වේ.

අවසන් පූර්ව තරග තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් දෙක අතර සැප්තැම්බර් මස 9 වැනිදා තෙවැනි ස්ථානය වෙනුවෙන් තරගයක් පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග තරගවලදී ජයග්‍රහණ ලබන කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 11 වැනිදාය. අවසන් පූර්ව තරග දෙක මෙන්ම තුන්වැනි ස්ථානය තේරීමේ තරගයත්, අවසන් මහ තරගයත්, රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල බ්‍රැඩ්බි පලිහ තරගාවලියට සහභාගි වන බැවින් මෙම තරගාවලියෙන් ඉවත්ව තිබේ. මෙවර ලීග් තරගාවලිය සඳහා නීත්‍යානූකූල නොවන ක්‍රීඩකයකු යොදාගත් බවට චෝදනා ලබා සිටින බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, ඒ සම්බන්ධ පරීක්ෂණයකට මුහුණදී සිටීම හේතුවෙන් ඔවුන්ටද මෙම තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ඇත.


සභාපති කුසලාන තරග කාල සටහන
අර්ධ අවසන් පූර්ව වටය
■ අගෝ. 27 - මහනුවර විද්‍යාර්ථ විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කොළඹ හැව්ලොක් පිටියේදී  
■ අගෝ. 27 - මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව කොළඹ ඉසිපතන විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී
■ අගෝ. 28 - කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ගල්කිස්ස විද්‍යා විදුහල කොළඹ හැව්ලොක් පිටියේදී  
■ අගෝ. 28 - කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී


අවසන් පූර්ව වටය
■ සැප්. 3 - පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතර
■ සැප්. 4 - තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් සහ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අතර

තෙවැනි ස්ථානය සඳහා තරගය
■ සැප්. 9 - අවසන් පූර්ව තරග තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් දෙක අතර

අවසන් මහ තරගය
■ සැප්. 11 - අවසන් පූර්ව තරග තරගවලදී ජයග්‍රහණ ලබන කණ්ඩායම් දෙක අතර


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.