Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පළඟ ශූරතාව ගුවන් හමුදාවට
රග්බි ලීගය

පළඟ ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2023 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අවසන් සතිය යටතේ අද (17 වැනිදා)  පැවැති තරගයෙන් පොලිසියට එරෙහිව ලකුණු 11-05 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග මෙවර රග්බි ලීගයේ පළඟ ශූරතාව තමන් සතුකර ගැනීමටද ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 03-00 ක් ලෙස ගුවන් හමුදාව  පෙරමුණේ පසුවිය. පළමු අර්ධයේදී දඩුවම් පහරක් මගින් ලකුණු රැස්කළ ගුවන් හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් දඬුවම් පහරක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත්හ. පොලිසියට තරගය පුරා ලබාගත හැකි වූයේ එක් උත්සාහක දිනුමක් පමණි.

ගුවන් හමුදාව වෙනුවෙන් රාමදාස් රුමේෂ් 50 වැනි විනාඩියේදී, පොලිසිය වෙනුවෙන් හේෂාන් තිලකරත්න 61 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. තරගයේ 26 වැනි සහ 42 වැනි විනාඩිවලදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහර අවස්ථා දෙක සාර්ථක කරගනු ලැබුවේ නුවන් පෙරේරා විසිනි.

පොලිස් කන්ඩායමේ ප්‍රින්ස් චාමර තරගයේ 74 වැනි විනාඩියේදී විනිසුරුගේ දැඩි අවවාද සමග කහ පැහැති කාඩ්පතක් ලැබීය. මෙම තරගයේදී පොලිසිය ක්‍රීඩක ආදේශ කිරීම් 8 ක්ද, ගුවන් හමුදාව ක්‍රීඩක ආදේශ කිරීම් 6 ක්ද සිදුකළහ

(ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි)


අදහස් (0)

පළඟ ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.