Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජනාධිපති කුසලාන ඉසිපතනයට

ජනාධිපති කුසලාන ඉසිපතනයට

editorial - 2022 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැති පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම ලකුණු 49 - 22 කින් පරාජය කළ ඉසිපතන ක්‍රීඩකයෝ ජනාධිපති කුසලාන දිනාගත්හ. ඉසිපතන විද්‍යාලය ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුම් 3ක් සහ දඩුවම් පහර 2ක් සාර්ථක කරගත්හ. ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 3 ක්, ප්‍රවර්තන 2 ක් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්හ.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ඉසිපතන ක්‍රීඩකයෝ ලකුණු 27 - 00 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ.

හැකි සෑම අවස්ථාවකදීම ඉසිපතන ක්‍රීඩකයා් පන්දුව රැගෙන ප්‍රතිවාදී සීමාව වෙත දිවගියහ. ඔවුන්ගේ පන්දුව අතිනත යැවීම්, මෙන්ම උපක්‍රමශීලී ධාවනය රාජකීය ක්‍රීඩා සංකීර්ණය අතුරු සිදුරු නැතිව පිරී සිටි ප්‍රේක්‍ෂකයන් අමන්දානන්දයට පත්කරවන්නක් විය.

නායක දහම් වික්‍රමාරච්චි, මලිත් මිහිසර, සූරිය දොඩංගොඩ සහ ප්‍රවීන් ස්ටීවන් ප්‍රමුඛ ඉසිපතන ක්‍රීඩකයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිටිය පුරා අණසක පැතිරවූහ. එමඟින් ශාන්ත ජෝෂප් පිලේ ආරක්ෂාව මුළුමනින් බිඳ වැටිණ.

ඉසිපතන පිල හා සැසඳීමේදී බොහෝ දෙනෙක් ශාන්ත ජෝෂප් පිල අවතක්සේරු කර තිබිණ. එහෙත් ප්‍රධාන පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් උපක්‍රම වෙනස් කරමින් තරග කිරීමට ක්‍රීඩකයන් පෙළඹවීය. පළමු අර්ධය නිමාවේදී ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් ලකුණු ලබා නොසිටි නමුත් දෙවැනි අර්ධයේදී ඔව්හු ලකුණු 22 ක් ලබාගත්හ.

ඉසිපතන ක්‍රීඩකයෝ 2022 පාසල් රග්බි වාරයේදී ලීග් ශූරතාව මෙන්ම පිළිමළුන් පිටුදැකීමේ ශූරතාවත් දිනාගත්තා පමණක් නොව ඔව්හු තරග වාරය අපරාජිතව අවසන් කළහ.

ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව 11 වතාවක් දිනාගෙන සිටින ඉසිපතන විද්‍යාලය එහි අනුශූරතාව හිමිකරගත් වාර ගණන 12 කි.

සාලිය කුමාර ඉසිපතන පිලේ පුහුණුකරු වූයේය.

ශාන්ත ජෝෂප් විදුහල, 2022 තරග වාරයේදී ක්‍රීඩාවේ ආකාර දෙකෙන්ම එකම ප්‍රතිවාදියාට පරාජය වීම හේතුවෙන් අනුශූරතා දෙකකින් සෑහීමට පත්විය.

ඩයලොග් ආසියාටා සමාගම් සමූහයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (මාධ්‍ය සහ සන්නාම) හර්ෂ සමරනායක මහතා විසින් ඉසිපතන විද්‍යාලයේ නායක දහන් නිතින වික්‍රමාරච්චි සහ උපනායක ප්‍රවීණ් ස්ටීවන් වෙත ජනාධිපති කුසලානය පිරිනමන ලදි. ශාන්ත ජෝෂප් විද්‍යාලයීය අදියුරු පියතුමන් වන රන්ජිත් අන්ද්‍රාන්ද්‍රි, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම, අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ උපාලි අමරතුංග, ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න සහ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න යන මහත්වරුද මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.

 

ඡායාරූප - කුෂාන් පතිරාජ

 

ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි

- 213


අදහස් (0)

ජනාධිපති කුසලාන ඉසිපතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.