Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘ජනාධිපති කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන අවසන් පූර්ව තරග සැප්තැම්බර් මස 2 වැනිදා සහ 4 වැනිදා කොළඹ හැව්‍ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඉන් පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල තරග වදින අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව කොළඹ වෙස්ලි විදුහල තරග වදිනු ඇත.
අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 38-06 කින් මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරමින් ඉසිපතන විදුහලද, ලකුණු 35-19 කින් මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරමින් සාන්ත තෝමස් විදුහලද තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ශාන්ත ජෝෂප් විදුහල සහ වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී පිළිවෙලින් ලකුණු 34-14 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලද, ලකුණු 38-00 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහලද පරාජය කරමිනි.
අවසන් පූර්ව වටයේ තරගවලදී පරාජයට පත්වන කණ්ඩායම් දෙක අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් සැප්තැම්බර් මස 9 වැනිදා තරගයක් පැවැත්වේ. අවසන් පූර්ව වටයේ තරගවලදී ජයග්‍රහණ ලබන කණ්ඩායම් දෙක අතර තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 11 වැනිදාය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත එම තරග 2 ම පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයද 11 වැනිදා අවසන් මහ තරගයෙන් අනතුරුව එම ස්ථානයේදීම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.