Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ප්‍රධානම තරගාවලිය වන ‘ජනාධිපති කුසලාන’ තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා (11 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
ඉරිදා පස්වරු 4.00 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති එම තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝෂප් විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.
එහිදී දහන් නිතින විසින් ඉසිපතන විදුහල් කණ්ඩායමද, ටෙරාන් කරුණානායක විසින් ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමද මොහෙයවනු ලබති.
අවසන් පූර්ව වටයේදී ලකුණු 29-13 ක් ලෙස ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමින් ඉසිපතන විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත ජෝෂප් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී ලකුණු 16-13 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමිනි.
තරගාවලියේ අර්ධ අවසන් පූරව වටයේදී ලකුණු 38-06 කින් මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමට ඉසිපතන විදුහල සමත් වෙද්දී, ලකුණු 34-14 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.