Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරග හෙට ඇරඹේ

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරග හෙට ඇරඹේ

editorial - 2023 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ සමාරම්භක තරගවලදී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයත්, පොලිසියට එරෙහිව නාවික හමුදාවත් හෙට (24 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය.

පළමු කොටස යටතේ තරගවදින කණ්ඩායම් 8 හි සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරග පැවැත්වේ. ඒ අනුව සෙසු අර්ධ අවසන් පූර්ව තරග දෙක සෙනසුරාදා (25 වැනිදා) සහ ඉරිදා (26 වැනිදා) පැවැත්වීමට නියමිතය.

හෙට පැවැත්වෙන තරගයේදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදාවත්, හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදාවත් තරග බිමට පිවිසීමට නියමිතය. සියලුම තරග කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී සහ පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එම තරගවලින් ජය ලබන කණ්ඩායම් 4 අතර අවසන් පූර්ව තරග මාර්තු මස 1 වැනිදා සහ 2 වැනිදා පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතය ඇත්තේ මාර්තු මස 5 වැනිදාය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන් පේන්ට් සමාගම කටයුතු කරන අතර වෙබෙක්ස්පේ සහ සිද්ධාලේප සෙසු අනුග්‍රාහකයන් ලෙස තරගාවලියට එක්ව සිටියි.


තරග පෙළ ගැස්ම
පෙබ. 24 - මහනුවර සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. අතර
පෙබ. 24 - පොලිසිය සහ නාවික හමුදාව අතර
පෙබ. 25 - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සහ යුද හමුදාව අතර
පෙබ. 26 - හැව්ලොක්ස් සහ ගුවන් හමුදාව අතර
මාර්තු 1 - පළමු අවසන් පූර්ව තරගය
මාර්තු 2 - දෙවැනි අවසන් පූර්ව තරගය
මාර්තු 5 - අවසන් මහ තරගය

 


අදහස් (0)

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරග හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.