Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ මූලික වටයේදී ද්විත්ව ජයග්‍රහණය වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප්, මහනුවර කිංග්ස්වුඩ්, කොළඹ ඉසිපතන, මහනුවර ධර්මරාජ, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ බම්බලපිටිය ශාන්ත පීතර යන විදුහල් සමත් වූහ.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 22 ක් සහභාගි වී සිටින අතර මූලික වටයේදී ඔවුන් ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’, ‘එෆ්’, ‘ජී’ සහ ‘එච්’ යන කාණ්ඩ 8 යටතේ තරග වැදිණ. මූලික වටයේදී දැක්වූ දස්කම් අනුව එම කණ්ඩායම් පලිහ, බඳුන, පළඟ සහ කුසලාන යන ශූරතා සඳහා බෙදා වෙන් කෙරිණ.
ඒ අනුව පළඟ සහ කුසලාන ශූරතාවන්හි අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහනුවර විද්‍යාර්ථ, ශාන්ත ජෝෂප්, කිංග්ස්වුඩ්, ඉසිපතන, ධර්මරාජ, ශාන්ත අන්තෝනි, ශාන්ත පීතර සහ කොළඹ ඩී.එස්. සේනානායක යන විදුහල් සමත් වූහ.
එම අර්ධ අවසන් පූර්ව තරගවලදී ජය ලබන කණ්ඩායම් කුසලාන ශූරතාව සඳහා වන අවසන් පූර්ව තරගවලටද, ඉන් පරාජයට පත්වන කණ්ඩායම් පළඟ ශූරතාව සඳහා වන අවසන් පූර්ව තරගවලටද සහභාගි වීමට නියමිතය.
කොළඹ තර්ස්ටන්, කොළඹ ලුම්බිණි, කොටහේන ශාන්ත බෙනඩික්ට්, ගාල්ල ශාන්ත ඇලවීෂියස්, මහනුවර ශ්‍රී සුමංගල, කුරුණෑගල මලියදේව, කොළඹ ආනන්ද සහ පිළියන්දල මැදි විදුහල තරගාවලියේ බඳුන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්හ.
මූළික වටයේදී සහභාගි වූ තරග පරාජය වීම හේතුවෙන් මහනුවර ශාන්ත සිල්වෙස්ටර්, රත්ගම දේවපතිරාජ, නුගේගොඩ ශාන්ත ජෝන්, පාදුක්ක සිරි පියරතන, කොළඹ වෙස්ලි සහ මොටරටු විද්‍යාලයට පලිහ අර්ධ අවසන් පූර්ව වටය යටතේ තරග වැදීමට සිදුවූහ.
මූලික වටයේ තරග ප්‍රථිපල
■ මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 24-00 ක් ලෙස කොළඹ තර්ස්ටන් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල විසින් ලකුණු 31-00 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදි.
■ මරදාන ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 24-05 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.
■ මහනුවර කිංග්ස්වුඩ් විදුහල විසින් ලකුණු 41-00 ක් ලෙස රත්ගම දේවපතිරාජ විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 52-00 ක් ලෙස මොටරටු විද්‍යාලය පරාජය කරන ලදි.
■ මහනුවර ධර්මරාජ විදුහල විසින් ලකුණු 40-05 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරාජය කරන ලදි.
■ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 59-00 ක් ලෙස පාදුක්ක සිරි පියරතන විදුහල පරාජය කරන ලදි.
■ පිළියන්දල මැදි විදුහල විසින් ලකුණු 10-07 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ ලුම්බිණි විදුහල විසින් ලකුණු 19-12 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.
■ කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල විසින් ලකුණු 47-00 ක් ලෙස රත්ගම දේවපතිරාජ විදුහල පරාජය කරන ලදි.
■ ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල විසින් ලකුණු 19-00 ක් ලෙස මොටරටු විද්‍යාලය පරාජය කරන ලදි.
■ මහනුවර ශ්‍රී සුමංගල විදුහල විසින් ලකුණු 29-00 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල පරාජය කරන ලදි.
■ කුරුණෑගල මලියදේව විදුහල විසින් ලකුණු 47-00 ක් ලෙස පාදුක්ක සිරි පියරතන විදුහල පරාජය කරන ලදි.
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 41-00 ක් ලෙස පිළියන්දල මැදි විදුහල පරාජය කරන ලදි.
■ මරදාන ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 38-00 ක් ලෙස කොළඹ ලුම්බිණි විදුහල පරාජය කරන ලදි.
■ මහනුවර කිංග්ස්වුඩ් විදුහල විසින් ලකුණු 26-07 ක් ලෙස කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ ඉසිපතන විදුහල විසින් ලකුණු 47-00 ක් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරන ලදි.
■ මහනුවර ධර්මරාජ විදුහල විසින් ලකුණු 21-07 ක් ලෙස මහනුවර ශ්‍රී සුමංගල විදුහල පරාජය කරන ලදි.
■ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 47-00 ක් ලෙස කුරුණෑගල මලියදේව විදුහල පරාජය කරන ලදි.
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 40-05 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරන ලදි.
ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.