Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතනයෙන් ධර්මරාජයට ප්‍රහාරයක්
ඩයලොග් පාසල් රග්බි

ඉසිපතනයෙන් ධර්මරාජයට ප්‍රහාරයක්

editorial - 2022 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ වෙනුවෙන් අද (27 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 38-06 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 19-06 ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ඉසිපතන විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු ලබාගත් අතර ධර්මරාජ විදුහල ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 2 සමගිනි.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් ලබාගත් ඉසිපතන ක්‍රීඩකයෝ, එහිදී ධර්මරාජ ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්හ. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට ලකුණු 38-06 ක ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේය.


අදහස් (0)

ඉසිපතනයෙන් ධර්මරාජයට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.