Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන - ශාන්ත පීතර අපරාජිතව ඉදිරියට
අන්තර් පාසල් රග්බි

ඉසිපතන - ශාන්ත පීතර අපරාජිතව ඉදිරියට

editorial - 2023 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ සෙනසුරාදා (22 වැනිදා) පැවැති හයවැනි සතියේ තරගවලදී ජයග්‍රහණ වාර්තා කරමින්  තරවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමට කොළඹ ඉසිපතන විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ලකුණු 24-11 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කිරීමට ඉසිපතන විදුහල සමත් වූ අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී ශාන්ත පීතර විදුහල හමුවේ ලකුණු 29-00 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජයට පත් විය.

මූලික වටයේදී ඉසිපතන විදුහල සහභාගි වූ තරග 6 මේ වන විට නිමාවට පත්ව ඇති අතර ප්‍රසාද ලකුණු 6 ක්ද සමග එම තරග 6 ම ජයගත් ඉසිපතන ක්‍රීඩකයෝ, මුලු ලකුණු 36 ක් සමග තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබා සිටිති. මේ දක්වා සහභාගි වූ තරග 5 ප්‍රසාද ලකුණු 3 ක්ද සමග ජය ගෙන සිටින ශාන්ත පීතරයෝ, මුලු ලකුණු 28 ක් ලබා කුසලාන වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීය.

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (23 වැනිදා) පැවැති තවත් තරග දෙකකදී ජයග්‍රහණ වාර්තා කිරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මරදාන සහිරා විදුහල සමත් වූ අතර පල්ලෙකැලේ සහ බෝගම්බර පැවැති එම තරගවලදී පිළිවෙලින් ලකුණු 26-10 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහලද, ලකුණු 23-03 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලද පරාජයට පත්වූහ.


සෙනසුරාදා (22 වැනිදා) පැවැති තරග
■ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී ඉසිපතන විදුහල විසින් ලකුණු 24-11 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල පරාජය කරන ලදි.
■ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 29-00 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කරන ලදි.


ඉරිදා (23 වැනිදා) පැවැත්වෙන තරග
■ පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 26-10 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි.
■ බෝගම්බර ක්‍රීඩාංගණයේදී මරදාන සහිරා විදුහල විසින් ලකුණු 23-03 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදි.

 


අදහස් (0)

ඉසිපතන - ශාන්ත පීතර අපරාජිතව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.