Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ මූලික වටය අවසානයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩයෙන් සුපිරි වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය, මරදාන ශාන්ත ජෝෂප් සහ කොළඹ වෙස්ලි යන විදුහල් සමත් විය.
‘ඒ-1’ අනු කාණ්ඩය යටතේ තරග වැදුණ රාජකීය විදුහල සහභාගි වූ තරග 5 කින් 4 ක් ජයගෙන එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සුපිරි වටයට සුදුසුකම් ලබාගත්තේය. ශාන්ත ජෝෂප් විදුහල සුපිරි වටයට සුදුසුකම් ලබාගත්තේ සහභාගි වූ තරග 5 න් 4 ක් ජයගෙන ‘ඒ-1’ අනු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි.
මූලික වටය පුරා අපරාජිතව සිටි ඉසිපතන විදුහල ‘ඒ-2’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 5 න්ම ජය ලබමින් සුපිරි වටයට පිවිසියේය. වෙස්ලි විදුහල සුපිරි වටයට පිවිසියේ සහභාගි වූ තරග 5 න් 3 ක් ජයගෙන ‘ඒ-2’ අනු කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමිනි.
සුපිරි වටයේදී මෙම විදුහල් 4 තම කාණ්ඩයෙන් සුපිරි වටයට පිවිසි විදුහල හැර සෙසු විදුහල් දෙකට එරෙහිව තරග වැදීමට නියමිතය. ඒ අනුව සුපිරි වටයේදී තරග 4 ක් පැවැත්වෙන අතර එහිදී ඉහළම දක්ෂතාවන් දක්වන විදුහල තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පැළදීමට නියමිතය.
‘ඒ’ කාණ්ඩයේ සුපිරි වටය
අගෝස්තු මස 6 වැනිදා - වෙස්ලි විදුහල සහ රාජකීය විදුහල අතර කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී
අගෝස්තු මස 7 වැනිදා - ඉසිපතන විදුහල සහ ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
අගෝස්තු මස 14 වැනිදා - ඉසිපතන විදුහල සහ රාජකීය විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
අගෝස්තු මස 15 වැනිදා - ශාන්ත ජෝෂප් විදුහල සහ වෙසිලි විදුහල අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.