Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අපරාජිත බව රැකගත් පීතරයෝ පෙරමුණට
පාසල් රග්බි

අපරාජිත බව රැකගත් පීතරයෝ පෙරමුණට

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පසල් රග්බි සංගම සංවිධානය කරන පළමු කොටසේ පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කාණ්ඩයේ සුපිරි වටයේ පළමු සතිය නිමාවට පත් වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත්ව සිටියි.

පළමු සතිය යටතේ ඉකුත් සිකුරාදා (11 වැනිදා) පැවැති තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 39-00 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතරයෝ සමත් වූහ. සෙනසුරාදා (12 වැනිදා) පැවැති දෙවැනි තරගයේදී ඉසිපතනයට එරෙහිව ලකුණු 22-17 ක ජයක් වාර්තා කිරීමට රාජකීයයෝ සමත් වූහ.

ශාන්ත අන්තෝනි විදුහල හමුවේ ලැබූ ජයත් සමග සිය අපරාජිත බව රැකගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එතෙක් එහි දෙවැනි ස්ථානයේ පසුවූ ශාන්ත පීතර විදුහලට හැකි විය. එහෙත් රාජකීයයන් හමුවේ ලැබූ පරාජයත් සමග ඉසිපතන විදුහලේ අපරාජිත බව බිඳවැටුණු අතර එතෙක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ ඔවුන් එහි දෙවැනි ස්ථානය දක්වා ඇද වැටිණ.

මේ වන විට සහභාගි වූ තරග 7 ම ජයගෙන ඇති ශාන්ත පීතර විදුහල ප්‍රසාද ලකුණු 5 ක් සමග මුළු ලකුණු 40 ක් ලබා සිටින අතර සහභාගි වූ තරග 7 න් 6 ක් ජයගෙන ඇති ඉසිපතන විදුහල ප්‍රසාද ලකුණු 7 ක් සමග ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 37 කි.

ඒ අනුව සුපිරි වටයේ අවසන් සතියේදී ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල අතර පැවැත්වීමට නියමිත තරගය මෙවර පාසල් රග්බි ලීගයේ ශූරතාව සඳහා අවසන් මහ තරගයක ස්වරූපයක් ගනු ඇත. මෙම මස 19 වැනිදා පස්වරු 4.00 ට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී එම තරගය ආරම්භ වීමට නියමිතය.

එදිනම කොළඹ රාජකීය විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර මහනුවර, බෝගම්බර ක්‍රීඩාංගණයේදී තවත් තරගයක් පැවැත්fවේ. එහෙත් මේ වන විට රාජකීයයන් ලකුණු 31 ක්ද, ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් ලකුණු 24 ක්ද ලබා සිටින බැවින් එම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙවර තරගාවලියේ ශූරතාවට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවනු ඇත.

කෙසේ වුවත් ශාන්ත පීතර - ඉසිපතන තරගයෙන් ඉසිපතන විදුහල පරාජයට පත්වී, රාජකීය - ශාන්ත අන්තෝනි තරගය ප්‍රසාද ලකුණද සමග ජයගැනීමට රාජකීයයෝ සමත් වුහහොත් ඉසිපතනය තෙවැනි ස්ථානයට ඇද දමමින් මෙවර තරගාවලියේ අනු ශූරයන් බවට පත්වීමට රාජකීය විදුහලට අවස්ථාව උදාවනු ඇත.



අදහස් (0)

අපරාජිත බව රැකගත් පීතරයෝ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.