Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 78 වැනි වරට පැවැත්වෙන ‘බ්‍රැඩ්බි පලිහ’ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදියර මෙම මස 23 වැනිදා පල්ලෙකැළේ රග්බි ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි අදියර සැප්තැම්බර් මස 6 වැනි රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මේ දක්වා පැවැති තරගාවලි 78 න් 40 ක් ජයගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර රාජකීය විදුහල ඉන් 36 කදී ජය ලබා ඇත. තරගාවලි 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී තිබේ. 2020 සහ 2021 යන වසරවලදී කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය නොපැවැති අතර ඉන් අනතුරුව පැවැති 2022 සහ 2023 තරගාවලි දෙකක් ජයගනු ලැබුවේද රාජකීයයන් විසිනි.
ඒ අනුව ඉකුත් වසර (2024) වන විට පිට පිට තරගාවලි 5 කදීම (2017 සිට 2023 දක්වා) බ්‍රැඩ්බි පලිහ දිනාගැනීමට රාජකීය විදුහල සමත්ව සිටි අතර ත්‍රිත්ව විදුහල අවසන් වරට එහි ශූරතාවට හිමිකම් කියා තිබුණේ 2014 වසරේදීය. 2015 වසරේදී පැවැති තරගාවලියේ ජයද රාජකීයයන් සතුවී තිබූ අතර 2016 වසරේදී පැවැති තරගාවලිය ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් වී තිබිණ.
කෙසේ වුවත් වසර 10 ක ජයග්‍රහණ නියඟයට තිත තබමින් තිසංග දිසානායකගේ නායකත්වය යටතේ ඉකුත් වසරේදී (2024) පැවැති තරගාවලියේදී බ්‍රැඩ්බි පලිහ දිනාගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. ඒ අනුව තවදුරටත් බ්‍රැඩ්බි පලිහ තමන් සතුව රඳවාගැනීමේ අරමුණින් මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ක්‍රීඩකයන් තරග බිමට අවතීරණ වනු ඇත.
රාජකීය ක්‍රීඩකයන් මෙවර තරග බිමට පිවිසෙන්නේ ඉකුත් වසරේදී තමන් අතින් ගිළිහුණු බ්‍රැඩ්බි පලිහ නැවතත් තමන් සන්තකයට ලබාගැනීමේ අරමුණ ඇතිවය. මෙවර තරගාවලියේදී අමික සමරසිංහ විසින් රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර උස්මාන් සෆ්රාස් ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
එද්‍රිස් ෆාරුක් රාජකීය විදුහල් කණ්ඩායමේ උප නායකත්වය දරන අතර ශාන් අල්තාෆ් සහ නිසිත් කුමාරසිංහ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ සම උපනායකයන් ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයන් දෙපෙළක් වන දුෂාන්ත් ලෙව්කේ මහතා සහ ෆසිල් මරීජා මහතා පිළිවෙළින් රාජකීය විදුහල් කණ්ඩායමේ සහ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.
ඉතිහාසයේ වැඩිම වාර ගණනකදී පිට පිටම බ්‍රැඩ්බි පලිහ දිනාගෙන ඇත්තේද ත්‍රිත්ව විදුහලය. 1952 වසරේ සිට 1957 වසර දක්වා කාලය තුළ පිට පිටම 6 වරක් බැඩ්බි පලිහට හිමිකම් කීමට ත්‍රිත්ව ක්‍රීඩකයන් සමත්ව ඇත. වැඩිම ලකුණු පරතරයකින් මෙම තරගාවලිය ජයගෙන ඇති කණ්ඩායම ලෙස රාජකීය විදුහල නම් කළ හැකි අතර 2002 වසරේදී පැවැති තරගාවලිය ඔවුන් ජය ගෙන ඇත්තේ ලකුණු 83-00 ක් ලෙසිනි.
මෙවර (2025) පාසල් රග්බි ලීගයේ මූලික වටයේදී මෙම කණ්ඩායම් දෙක අවසන් වරට මුණගැසුනු අතර එහිදී ලකුණු 34-12 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. එම තරගාවලියේ මූලික වටයේදී ත්‍රිත්ව විදුහල තරග 5 කට සහභාගි වී එම තරග 5 ම ජයගනිමින් අපරාජිතව කුසලන වටයට සුදුසුකම් ලැබූ අතර රාජකීය විදුහල කුසලන වටයට පියිවියේ තරග 5 කට සහභාගි වී ඉන් තරග 4 ක් ජයගනිමිනි.
කුසලාන වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් ත්‍රිත්ව විදුහල මෙවර තරගාවලියේ ශූරයන් බවට පත් වෙද්දී, සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් රාජකීය විදුහලට කුසලාන වටයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. එහිදී ත්‍රිත්ව විදුහල ලකුණු 22-20 ක් ලෙස ශාන්ත පීතර විදුහල හමුවේද, රාජකීය විදුහල ලකුණු 24-17 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල හමුවේද පරාජයට පත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.