Last Update  :  2023-03-20 16:27:00 About Contact
IMG-LOGO
dailymirror.lk
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ හඹාගොස් ජය ගනිති
අන්තර් සමාජ රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ හඹාගොස් ජය ගනිති

editorial - 2023 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ අද (22 වැනිදා) ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 33-27 ක ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 15-11 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවිය. එහෙත් දෙවැනි අර්ධයේදී තරගයට අවතීර්ණ වූ සී.ආර්. ක්‍රීඩකයෝ, ලකුණු 22 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. එම අර්ධයේදී නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු ලබාගත් සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කළහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු ලබාගත් නාවික හමුදාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් පමණි.

අෂාන් ඩාලින් 8 වැනි විනාඩියේදීද, මාර්ෂෙඩ් දොරේ 55 වැනි විනාඩියේදීද, තේනුක නානායක්කාර 60 වැනි විනාඩියේදීද, ගැමුණු චේතිය 69 වැනි විනාඩියේදීද සී.ආර් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථනයක් සහ සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක් සාර්ථක කර ගැනීමට මොහාන් චතුර සමත් විය.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් හර්ෂ මධුරංග 4 වැනි විනාඩියේදී, දිනේෂ් ද සිල්වා 35 වැනි විනාඩියේදීද, ළහිරු හේරත් 66 වැනි විනාඩියේදීද, නිරෝෂන් පෙරේරා අවසන් විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 2 ක් සහ නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ තිළිණ වීරසිංහ විසිනි.

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ හඹාගොස් ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.