Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට
ඩයලොග් පාසල් රග්බි

ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ වෙනුවෙන් අද (28 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 34-14 ක ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප්  විදුහල සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-07 ක් ලෙස ශාන්ත‍ජෝෂප් විදුහල් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ශාන්ත ජෝෂප් විදුහල ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු ලබාගත් අතර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු ලබාගත්තේ එක් ගෝල දිනුමක් සමගිනි.

දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගැනීමට ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ  සමත් වෙද්දී, ශාන්ත අන්තෝනි විදුහලට ලබාගත හැකි වූයේ ගෝල දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට ලකුණු 34-14 ක ජයක් වාර්තා කළ ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.