Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත ජෝෂප් පිල අතිරේක කාලයේදී ජය ලබයි

ශාන්ත ජෝෂප් පිල අතිරේක කාලයේදී ජය ලබයි

editorial - 2022 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ වෙනුවෙන් අද (4 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 16-13 ක තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 05-00 ක් ලෙස වෙස්ලි විදුහල පෙරමුණ ගත්තේය. එහිදී උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් වෙස්ලි ක්‍රීඩකයෝ, ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන්ට ලකුණු ලබාගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන්හ.

කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී වෙස්ලි විදුහල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු 8 ක් රැස්කරද්දී, ශාන්ත ජෝෂප් විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමග ලකුණු 13 ක් රැස්කළේය. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට දෙපිලම ලකුණු 13 බැගින් ලබා සම තත්ත්වයේ පසුවූහ.

ඉන් අනතුරුව තරගයේ ජයග්‍රාහකයා‍ තෝරා ගැනීම සඳහා අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරයා පියවර ගත්තේය. එහිදී හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ, ලකුණු 16-13 ක් ලෙස වෙස්ලි විදුහල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් පිල අතිරේක කාලයේදී ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.