Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ‘සභාපති කුසලාන’ වෙනුවෙන් ඊයේ (28 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව ලකුණු 38-00 ක ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය.
කොළඹ හැව්ලොක් පිටියේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 05-00 ක් ලෙස වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී උත්සාහක දිනුමක් සමග ලකුණු ලබාගත් වෙස්ලි විදුහල, විද්‍යා විදුහලට ලකුණු ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්නේය.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් ලබාගත් වෙස්ලි ක්‍රීඩකයෝ එහිදීද විද්‍යා විදුහල් ක්‍රීඩකයන්ට ලකුණු අතරට පැමිණීමට කිසිදු අවස්ථාවක් නොදුන්හ. ඒ අනුව නියමිත කාලය අවසන්වන විට ලකුණු 38-00 ක ජයක් වාර්තා කළ වෙස්ලි ක්‍රීඩකයෝ, අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.