Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති දෙවැනි අදියර ලකුණු 08-03 ක ලෙස පරාජයට පත්වුවද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව යළිත් වරත් බ්‍රැඩ්බි පලිහ තමන් සතුකර ගැනීමට රාජකීයයෝ සමත් වූහ. මහනුවරදී පැවැති පළමු අදියර ලකුණු 15-05 ක් ලෙස ජය ගෙන සිටි රාජකීයයන් මෙවර තරගාවලිය ජය ලැබුවේ මුළු ලකුණු 18-13 ක් ලෙසිනි.
දෙවැනි අදියර ආරම්භ වී විනාඩි 4 ක් ගතවන විට ක්‍රියාත්මක වූ ප්‍රොප් ක්‍රීඩක අචින්ත ජයසේන උත්සාක දිනුමක් වාර්තා කරමින් ලකුණු 05-00 ක් ලෙස ත්‍රිත්ව විදුහල තරගයේ පෙරමුණට ගෙන ආවේය. ඉන් අනතුරුව දෙපිලටම දඬුවම් පහර බැගින් හිමිවුවද, ඒවා සාර්ථක කරගැනීමට දෙපිලේම ක්‍රීඩකයන් අපොහොසත් වූ බැවින් ලකුණු 05-00 ක් ලෙස තිබියදීම පළමු අර්ධය නිමාවට පත් විය.
තරගයේ 61 වැනි විනාඩියේදී ත්‍රිත්ව විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූ ශාන් අල්තාෆ් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ දැමීය. කෙසේ වුවත් එතැන් පටන් විනාඩි 3 ක් ගතවන විට එනම් තරගයේ 64 වැනි විනාඩියේදී රාජකීය විදුහලට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරදුන් එදිස් ෆාරුක් කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය තරමක් අඩු කළේය.
ඉන් අනතුරුව දෙපිලටම ලකුණු ලබාගැනීමට නොහැකි වූ අතර ලකුණු 08-03 ක් ලෙස තිබියදීම තරගයේ නියමිත කාලය නිමාවට පත් විය. දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වූ රාජකීය විදුහලේ යුවාන් පතිරණ තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය. මෙවර තරගාවලියේදී රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ අමික සමරසිංහ විසිනි.
මෙවර (2025) අන්තර් පාසල් රග්බි ලීගයේ ශූරයන් බවට පත්වූ ත්‍රිත්ව විදුහල, එහි තෙවැනි ස්ථානයට පත්වූ රාජකීය විදුහල හමුවේ සති කිහිපයක් ඇතුළත බ්‍රැඩ්බි තරගාවලියේදී මෙවන් පසුබෑමට ලක්වීම කැපී පෙනුණ සිදුවීමක් බවට පත්විය. රග්බි ලීගයේ මූලික වටයේදීද මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරග වැදුණු අතර එහිදී ලකුණු 34-12 ක් ලෙස රාජකීය විදුහල පරාජය කිරීමට ත්‍රිත්ව විදුහල සමත්ව සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.