Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 79 වැනි වරට පැවැත්වෙන බ්‍රැඩ්බි පළිහ රග්බි තරගාවලියේ දෙවැනි අදියර එළබෙන සෙනසුරාදා (6 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. පළමු අදියරේදී ලකුණු 15-05 ක ජයක් ලැබූ රාජකීය විදුහල දෙවැනි අදියර ආරම්භ වීමට පෙර ත්‍රිත්ව විදුහලට වඩා ලකුණු 10 ක් ඉදිරියෙන් සිටියි.
බ්‍රැඩ්බි පළිහ ජයග්‍රාහකයා තෝරාගනු ලබන්නේ අදියර දෙකෙහිම ලකුණුවල එකතුව අනුවය. ඒ අනුව දෙවැනි අදියරේදී දෙපිලේ ලකුණු සම වුවද, සමස්ත තරගාවලියේ ජය රාජකීය විදුහලට හිමිවනු ඇත. එසේ වුවහොත් වසර 10 කට පසුව ඉකුත් වසරේදී (2024) ත්‍රිත්වයන් විසින් දිනාගන්නා ලද බ්‍රැඩ්බි පළිහ යළිත් තමන් සතුකර ගැනීමේ අවස්ථාව රාජකීයයන්ට උදාවනු ඇත.
ත්‍රිත්ව විදුහලට තවදුටරත් බ්‍රැඩ්බි පළිහ සිය සන්තකයට රඳවාගැනීමට හැකි වන්නේ දෙවැනි අදියර ලකුණු 10 ට වැඩි පරතරයකින් ජය ගැනීමට සමත් වුවහොත් පමණි. මෙවර තරගාවලියේදී අමික සමරසිංහ විසින් රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර උස්මාන් සෆ්රාස් විසින් ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි.
මේ දක්වා පැවැති තරගවාර 78 න් 40 ක් ජයගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර රාජකීය විදුහල ඉන් 36 කදී ජය ලබා ඇත. තරග 2 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී තිබේ. 2020 සහ 2021 යන වසරවලදී කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය නොපැවැති අතර ඉන් අනතුරුව පැවැති 2022 සහ 2023 තරගාවලි දෙකම ජයගනු ලැබුවේ රාජකීයයන් විසිනි.
ඒ අනුව ඉකුත් වසර (2024) වන විට පිට පිට තරගාවලි 5 කදීම (2017 සිට 2023 දක්වා) බ්‍රැඩ්බි පලිහ දිනාගැනීමට රාජකීය විදුහල සමත්ව සිටි අතර ත්‍රිත්ව විදුහල අවසන් වරට එහි ශූරතාවට හිමිකම් කියා තිබුණේ 2014 වසරේදීය. 2015 වසරේදී පැවැති තරගාවලියේ ජයද රාජකීයයන් සතුවී තිබූ අතර 2016 වසරේදී පැවැති තරගාවලිය ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව අවසන් වී තිබිණ.
කෙසේ වුවත් වසර 10 ක ජයග්‍රහණ නියඟයට තිත තබමින් තිසංග දිසානායකගේ නායකත්වය යටතේ ඉකුත් වසරේදී (2024) පැවැති තරගාවලියේදී බ්‍රැඩ්බි පලිහ දිනාගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය. එබැවින් වසරක් තුළදී බ්‍රැඩ්බි පලිහ තමන් අතින් ගිලිහී යෑම වලක්වාලීම සඳහා ත්‍රිත්වයෝ දෙවැනි අදියරේදී රාජකීයයන්ට තියුණු සටනක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.
එද්‍රිස් ෆාරුක් රාජකීය විදුහල් කණ්ඩායමේ උප නායකත්වය දරන අතර ශාන් අල්තාෆ් සහ නිසිත් කුමාරසිංහ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ සම උපනායකයන් ලෙස නම් කර ඇත. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයන් දෙපෙළක් වන දුෂාන්ත් ලෙව්කේ මහතා සහ ෆසිල් මරීජා මහතා පිළිවෙළින් රාජකීය විදුහල් කණ්ඩායමේ සහ ත්‍රිත්ව විදුහල් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.
මෙවර (2025) පාසල් රග්බි ලීගයේ මූලික වටයේදීද මෙම කණ්ඩායම් දෙක මුණගැසුනු අතර එහිදී ලකුණු 34-12 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. එම තරගාවලියේ මූලික වටයේදී ත්‍රිත්ව විදුහල තරග 5 කට සහභාගි වී එම තරග 5 ම ජයගනිමින් අපරාජිතව කුසලන වටයට සුදුසුකම් ලැබූ අතර රාජකීය විදුහල කුසලන වටයට පියිවියේ තරග 5 කට සහභාගි වී ඉන් තරග 4 ක් ජයගනිමිනි.
කුසලාන වටයේදී සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් ත්‍රිත්ව විදුහල මෙවර තරගාවලියේ ශූරයන් බවට පත් වෙද්දී, සහභාගි වූ තරග 4 න් 3 ක් ජයගත් රාජකීය විදුහලට කුසලාන වටයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. කුසලාන වටයේදී ත්‍රිත්ව විදුහල ලකුණු 22-20 ක් ලෙස ශාන්ත පීතර විදුහල හමුවේද, රාජකීය විදුහල ලකුණු 24-17 ක් ලෙස කොළඹ වෙස්ලි විදුහල හමුවේද පරාජයට පත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.