Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කොළඹ රාජකීය විද්‍යාලයේ 19 න් පහළ රග්බි තරඟවාරය, ජුනි මස 6 වන දින තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවැත්වෙන තරඟයෙන් ආරම්භ වෙයි. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙවර රග්බි තරග වාරයේදී රාජකීය විද්‍යාලය තරග 5 කට සත්කාරය දරනු ඇත.
රාජකීය විද්‍යාලයේ නායකයා ලෙස අමික සමරසිංහ කටයුතු කරන අතර ඉද්‍රිස් ෆාරුක් උප නායකයා ලෙස කටයුතු කරයි.
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස දුෂාන්ත් ලෙව්කේ මහතා පත් කර ඇත. වයස අවුරුදු 18 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සාර්ථක වූ ලෙව්කේ මහතා, 2013 දී රාජකීය විද්‍යාලයේ ප්‍රධාන කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස එක් විය. 2018 දී ඔහු ප්‍රධාන පුහුණුකරු තනතුරට උසස් කරන ලද අතර, 2018 සහ 2019 වසර දෙකේදීම ඔහු අන්තර් පාසල් ලීග් ශූරතාව කරා රාජකීය කණ්ඩායම කැඳවාගෙන ගියේය.
වසර 2000 න් පසුව රාජකීය කණ්ඩායම සිය 9 වැනි ලීග් ශූරතාව සොයා යමින් සිටී.
මූලික වටයේ තරග අතුරින් තර්ස්ටන්, කොළඹ ශාන්ත ජෝෂප් සහ විද්‍යාර්ථ විදුහල් සමග පැවැත්වෙන තරග රාජකීය විද්‍යාලයීය පිටියේදී පැවැත්වෙයි. මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ ත්‍රිත්ව විදුහලට (බ්‍රැඩ්බි තරගය නොවේ) එරෙහි තරග දෙක මහනුවරදී පැවැත්වෙනු ඇත.
අන්තර් පාසල් තරගාවලියේ දෙවැනි වටයේ තරග සමගින් නොගැටෙන පරිදි රාජකීය විද්‍යාලයේ සාම්ප්‍රදායික තරග පැවැත්වේ. කොළඹ ශාන්ත පීතර විදුහලට එරෙහිව (බී.සී. අන්ගි අනුස්මරණ කුසලාන), සාන්ත තෝමස් විදුහලට එරෙහිව (මයිකල් ගුණරත්න කුසලාන) සහ මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලාන රග්බි තරග පැවැත්වෙන නමුත් ඒ සඳහා තවමත් දින නියම කර නැත.
අන්තර් පාසල් තරගාවලිය නිමාවීමෙන් පසුව බ්‍රැඩ්බි කුසලාන තරග පැවැත්වේ.
ජාතික සංවර්ධන බැංකුව (එන්.ඩී.බී.), ඌබර් ඊට්ස්, බ්‍රැන්ඩික්ස් ඇපරල් සහ ඇමරිකන් වෝටර් යන සමාගම් රාජකීය රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයෝ ලෙසින් කටයුතු කරති. ඒ හැරෙන්නට, රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමට විවිධ අංශ සඳහා තවත් අනුග්‍රාහකයෝ 18 දෙනෙක් සිටිති.
රාජකීය විද්‍යාලයීය රග්බි තරග කාලසටහන
● ජුනි 6 - තර්ස්ටන් විද්‍යාලය (නිවස)
● ජුනි 15 - ශ්‍රී සුමංගල විද්‍යාලය (මහනුවරදී)
● ජුනි 21 - ශාන්ත ජෝසප් විද්‍යාලය (නිවස)
● ජුනි 28 - විද්‍යාර්ථ විද්‍යාලය (නිවස)
● ජූලි 5 - ත්‍රිත්ව විද්‍යාලය (මහනුවරදී)
● අගෝස්තු 23 - ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව - බ්‍රැඩ්බි පලිහ පළමු අදියර මහනුවරදී
● සැප්තැම්බර් 6 - ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව - බ්‍රැඩ්බි පලිහ දෙවන අදියර කොළඹදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.