ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ ලිග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග අවසන් වන විට නාවික හමුදා පිල පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටියේය. සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල දෙවැනි ස්ථානයේ පසු වෙයි.
නාවික හමුදාව සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ප‍්‍රසාද ලකුණු 10 බැගින් ලබා සිටින අතර උත්සාහක දිනුම් අනුව නාවික හමුදාව පෙරමුණට පැමිණ සිටී. තරග දෙකක දී නාවික හමුදාව විසින් ලබාගන්නා ලද උත්සාහක දිනුම් සංඛ්‍යාව 15 ක් වන අතර සී. ආර්. පිල ලබා ඇත්තේ උත්සාහක දිනුම් 4 ක් පමණි.
පළමු සතියේ තරග අවසානයේ පෙරමුණේ සිටි මහනුවර ක‍්‍රීඩා සමාජය දෙවැනි සතියේ තරගයේදී යුද හමුදා පිල හමුවේ ලකුණු 13-14 ක තියුණු පරාජයක් ලැබීම නිසා සිවුවැනි ස්ථානයට වැටී සිටියි. නාවික හමුදා පිල දෙවැනි සතියේ තරගයේදී ලකුණු 64-24 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් විය.
දෙවැනි ස්ථානයේ සිටින සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල තෙවැනි ස්ථානයේ සිටින ප‍්‍රබල හැව්ලොක්ස් පිලට එරෙහිව ලකුණු 17-12 ක ජයක් ලැබීය.
දෙවැනි සතියේ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර පැවැති තරගයෙන් සී. එච්. පිල ලකුණු 30-15 ක පහසු ජයක් ලැබීය.
| දෙවන සති අන්තය නිමාවේදී ප්‍රසාද ලකුණු පුවරුව | |||||||||
| ස්ථානය | කණ්ඩායම | තරග | ජය | විසඳුම් නැති | පරාජ | උත්සාහක දිනුම් | තරග ලකුණු | ප්‍රසාද ලකුණු | මුළු ලකුණු |
| 1 | නාවික හමුදාව | 2 | 2 | 0 | 0 | 15 | 10 | 2 | 12 |
| 2 | සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. | 2 | 2 | 0 | 0 | 4 | 10 | 0 | 10 |
| 3 | හැව්ලොක්ස් | 2 | 1 | 0 | 1 | 8 | 5 | 2 | 7 |
| 4 | මහනුවර | 2 | 1 | 0 | 1 | 14 | 5 | 1 | 6 |
| 6 | සී. එච්. ඇන්ඩ් එෆ්.සී. | 1 | 1 | 0 | 0 | 4 | 5 | 1 | 6 |
| 5 | යුද හමුදාව | 2 | 1 | 0 | 1 | 5 | 5 | 1 | 6 |
| 7 | පොලිසිය | 2 | 0 | 0 | 2 | 8 | 0 | 2 | 2 |
| 8 | ශාක්ස් | 1 | 0 | 0 | 1 | 0 | 0 | 0 | 0 |
| ගුවන් හමුදාව | 2 | 0 | 0 | 2 | 2 | 0 | 0 | 0 | |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.