Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වයඹ පළාත් ශූරතාව අපරාජිත මලියදේවයට
සත් සාමාජික පාසල් රග්බි

වයඹ පළාත් ශූරතාව අපරාජිත මලියදේවයට

editorial - 2021 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ‍්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ වයඹ පළාත් ශූරතාව දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහල අද (28 වැනිදා) සමත් විය. කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් ලීග් ක‍්‍රමයට අනුව පැවැති මෙම තරගාවලියේදී සහභාගි වූ තරග 3 ම ජයගෙන අපරාජිත බව රැකගනිමින් මලියදේව කී‍්‍රඩකයෝ ශූරතාවට හිමිකම් කීහ.

පළමු තරගයේදී ලකුණු 59-00 ක් ලෙස කුලියාපිටිය මැදි විදුහලත්, දෙවැනි තරගයේදී ලකුණු 42-00 ක් ලෙස වෙලගෙදර මැදි විදුහලත් පරාජය කළ මලියදේව විදුහල, තෙවැනි තරගයේදී ඉබ්බාගමුව මැදි විදුහල පරාජය කළේ ලකුණු 27-05 ක් ලෙසිනි. පළමු තරග දෙකේදීම සිය ප‍්‍රතිවාදීන්ට එක් ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් නොදුන් මලියදේව කණ්ඩායම, අවසන් තරගයේදීද ප‍්‍රතිවාදීන්ට ලබාදුන්නේ එක් උත්සාහක දිනුමක් පමණි.

කුලියාපිටිට මැදි විදුහලට එරෙහිව ගෝල දිනුම් 7 ක් සහ උත්සාහක දිනුම් 2 ක් සමගද, වෙලගෙදර මැදි විදුහලට එරෙහිව ගෝල දිනුම් 6 ක් සමගද ලකුණු රැස්කළ මලියදේව කී‍්‍රඩකයෝ, ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාක දිනුම් 4 ක් සමගනි. මලියදේව විදුහල් කණ්ඩායමේ ෂෙනාල් තෙන්නකෝන් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලැබීය.

මේ වන විට මෙම තරග මාලාවේ බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් තරගාවලි අවසන් වී ඇති අතර සබරගමුව පළාත් තරගාවලිය අනිද්දා (30 වැනිදා) රුවන්වැල්ල කී‍්‍රඩාංගණයේදීත්, දකුණු පළාත් තරගාවලිය 31 වැනිදා ගාල්ල ශාන්ත ඇලවීෂීයස් විදුහල් කී‍්‍රඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.


තරග ප‍්‍රතිඵල
කුරුණෑගල මලියදේව විදුහල විසින් ලකුණු 59-00 ක් ලෙස කුලියාපිටිය මැදි විදුහල පරාජය කරන ලදි.
ඉබ්බාගමුව මැදි විදුහල විසින් ලකුණු 17-12 ක් ලෙස වෙලගෙදර මැදි විදුහල පරාජය කරන ලදි.
කුරුණෑගල මලියදේව විදුහල විසින් ලකුණු 42-00 ක් ලෙස වෙලගෙදර මැදි විදුහල පරාජය කරන ලදි.
ඉබ්බාගමුව මැදි විදුහල විසින් ලකුණු 32-00 ක් ලෙස කුලියාපිටිය මැදි විදුහල පරාජය කරන ලදි.
කුරුණෑගල මලියදේව විදුහල විසින් ලකුණු 27-05 ක් ලෙස ඉබ්බාගමුව මැදි විදුහල පරාජය කරන ලදි.
වෙලගෙදර මැදි විදුහල විසින් ලකුණු 50-00 ක් ලෙස කුලියාපිටිය මැදි විදුහල පරාජය කරන ලදි.

(ඡායාරූපය - ඩයලොග් අනුග්‍රහයෙනි)


අදහස් (0)

වයඹ පළාත් ශූරතාව අපරාජිත මලියදේවයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.