Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

පාකිස්තානය අවසන් මහ තරගයට

දමින්ද විජේසූරිය - 2022 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු අවසන් පූර්ව තරගය

පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඞ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. 


04:38 PM

04:29 PM

04:21 PM

04:08 PM

03:55 PM

03:49 PM

03:47 PM

03:42 PM

03:10 PM

03:06 PM

03:01 PM

02:34 PM

02:17 PM

01:59 PM

01:25 PM

05:17 PM

05:01 PM

පාකිස්තානය - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 153 යි
නවසීලන්තය කඩුලු 7 කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

 

04:43 PM

පාකිස්තානය - ඕවර 16 කදී කඩුලු 1 ක් දැවී 127 යි
නවසීලන්ත පන්දු යවන්නන්ට තඹයකට මායිම් නොකරමින් ලකුණු 153 ක ඉලක්කයක් කරා යමින් සිටින පාකිස්තානුවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ කඩයිමට ලකුණු 26 මෑතින් සිටිති. 
මොහොමඞ් රිස්වාන්ගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විතය. 
මොහොමඞ් රිස්වාන් - නොදැවී 55
මොහොමඞ් හාරිස් - නොදැවී 15

 

04:39 PM

04:33 PM

04:18 PM

04:15 PM

පාකිස්තානය - ඕවර 10 කදී කිසිවකු නොදැවී 87 යි
නවසීලන්ත පන්දු යවන්නන්ට කිසිම අවස්ථාවක් නොදී පාකිස්තානු නායක බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් ඉලක්කය හඹා යති. ඕවර 10 කින් ලකුණු 87 ක් එකතු කරගත් දකුණත්කාරයන් දෙදෙනා ඊට හතරේ පහර 10 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කළහ.
බාබර් අසාම් - නොදැවී 43
මොහොමඞ් රිස්වාන් - නොදැවී 41

 

04:08 PM

03:53 PM

03:19 PM

03:16 PM

නායක කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් දෙදෙනාගේ ප්‍රහාරය හේතුවෙන් නියමිත ඕවර 20 නිමාවේදී නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 152 ක් ලබාගත්තේය. 
ඩැරිල් මිචෙල් - නොදැවී 53 යි
ජේම්ස් නීෂම් - නොදැවී 16 යි

 

03:10 PM

03:00 PM

නවසීලන්තය - ඕවර 16 කදී කඩුලු 3 ට ලකුණු 116 යි
නායක කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල් දෙදෙනා ඕවර 6 කින් ලකුණු 57 ක් උදුරා ගත්හ. ඩැරිල් මිචෙල් තරමක් සැර පහර කරා යද්දී නායක විලියම්ස් ක්‍රිකට් පොතේ සම්මත පහර යොදාගනිමින් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවීය. 
කේන් විලියම්ස් - නොදැවී 46 යි
ඩැරිල් මිචෙල් - නොදැවී 38 යි

 

02:50 PM

02:40 PM

නවසීලන්තය - ඕවර 12 කදී කඩුලු 3 ට ලකුණු 81 යි
10 වැනි ඕවරයෙන් පසුව අත දිගහැර පන්දුවට පහර දීමට වන් කේන් විලියම්ස් සහ ඩැරිල් මිචෙල්දෙදෙනා 11 වැනි සහ 12 වැනි ඕවර දෙකේදී ලකුණු 22 ක් උදුරා ගත්හ. ඕවර 10 ක් නිමාවේදී ලකුණු සංඛ්‍යාව 52/3 ක් වුවද හදිසි ප්‍රහාරයක් සමගින් නවසීලන්ත පිතිකරුවෝ තරගයට අවතීර්ණ වී සිටිති. 
කේන් විලියම්ස් - නොදැවී 28 යි
ඩැරිල් මිචෙල් - නොදැවී 21 යි

 

02:23 PM

02:07 PM

නවසීලන්තය - ඕවර 6 කදී කඩුලු 2 ට ලකුණු 38 යි
පළමු ඕවරයේදීම කඩුල්ලක් දැවී යාමෙන් පසුබෑමට ලක්වූ නවසීලන්ත පිතිකරුවන් පාලනය කරගැනීමට පාකිස්තානු පන්දු යවන්නෝ සමත්ව සිටිති. ප්‍රහාරක ඕවර 6 නිමාවූ අවසන් පන්දුවේදී ඩෙවොන් කොන්වේ ලකුණු 21 කට දුවද්දී දැවී ගියේය. 
කේන් විලියම්ස් - නොදැවී 13 යි
ග්ලෙන් පිලිප්ස් - නොදැවී 00 යි

 

02:03 PM

01:41 PM

නවසීලන්තය - ඕවර 1 කදී කඩුලු 1 ට ලකුණු 06 යි
පළමු ඕවරයේදීම ෂහීන් ෂා අෆ්රීඩි විසින් නවසීලන්ත ආරම්භක පිතිකරුවා වන ෆින් ඇලන් දවාගනී. 

 

01:23 PM

නවසීලන්ත කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත්තේ පිට පිටම දෙවැනි වතාවටය. පසුගිය වසරේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් අවසන් පූර්ව තරගය ජයගෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. 

01:19 PM

පාකිස්තානය සහ නවසීලන්තය අතර සිඞ්නි නුවරදී අද (09 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තයට කණ්ඩායම පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. 

01:14 PM


අදහස් (0)

පාකිස්තානය අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.