Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

එංගලන්තය අවසන් පූර්ව වටයට

editorial - 2022 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය
 

04:56 PM

එංගලන්තය - ඕවර 19.4  කදී කඩුලු 6 ට 144
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් පරාජය කරමින් තමන්ගේ ධන ලකුණු වේගය ආරක්‍ෂා කරගත් එංගලන්ත කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 
බෙන් ස්ටෝක්ස් - නොදැවී 42
ක්‍රිස් වෝක්ස් - නොදැවී 05

 

04:37 PM

එංගලන්තය - ඕවර 16  කදී කඩුලු 5 ට 121
පිතිකරුවකු ලෙසින් අද දිනයේ වැඩි යමක් කළ නොහැකි වූවත්, පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට සහනය ගෙනා ධනංජය ද සිල්වා සිය ඕවර 4 ලකුණු 24 කට සීමාකර ගත්තේය. දඟ පන්දු යවන්නන් 7 වැනි ඕවරයේ සිට එංගලන්ත පිතිකරුවන් පාලනය කරගත් නමුත් බෙන් ස්ටෝක්ස් පිටියේ රැඳී සිටී. 
බෙන් ස්ටෝක්ස් - නොදැවී 29
සෑම් කරන් - නොදැවී 03

 

04:18 PM

එංගලන්තය - ඕවර 12  කදී කඩුලු 3 ක් දැවී 98
ප්‍රහාරාත්මක ඕවර 6 නිමා වීමෙන් පසුව එංගලන්ත පිතිකරුවන් කිසියම් පාලනයකට නතුකරගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ, 7 වැනි ඕවරයේ සිට 12 වැන්න දක්වා ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 28 ක් පමණි. ඒ අතරවාරයේදී ප්‍රහාරකයන් දෙදෙනා වූ ඇලෙක්ස් හේල්ස් (47) සහ ජොස් බට්ලර් (28) දෙදෙනාම දවාගැනීමට වනිඳු හසරංගට හැකිවිය. 
බෙන් ස්ටෝක්ස් - නොදැවී 15
ලයාම් ලිවිංග්ස්ටන් - නොදැවී 01

 

03:48 PM

එංගලන්තය - ඕවර 6  කදී කිසිවකු නොදැවී  70 යි
පළමු ඕවරයේදී ලබාගත්තේ ලකුණු 03 ක් වුවද, ඊළඟ ඕවර 5 න් ලකුණු 67 ක් උදුරාගත් එංගලන්ත ආරම්භක පිතකරුවෝ සැලසුම් සහගත ගමනක නිරතව සිටිති. ශ්‍රී ලංකාව සතු විතීවි අවස්ථාවක් ලබාගත් නමුත් එයින්ද ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් අයකු දවාගත නොහැකි විය.
ජොස් බට්ලර් - නොදැවී 25
ඇලෙක්ස් හේල්ස් - නොදැවී 42

 

03:11 PM

ශ්‍රී ලංකාව - ඕවර 20  කදී කඩුලු 8 ට 141 යි
අවසන් ඕවර 4 ලකුණු 21 කට සීමාකරගත් එංගලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 141 දී නතර කරගත්හ. මෙම ඕවර 4 න් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූ ලකුණු සංඛ්‍යාව අඩු වූවා පමණක් නොව, එහිදී පිතිකරුවෝ සිව් දෙනෙක්ම දැවී ගියහ.

 

03:02 PM

ශ්‍රී ලංකාව - ඕවර 18  කදී කඩුලු 5 ට 128 යි
අග්ගිස්සේ ඕවර අසීරු වෙමින් තිබේ. 17 සහ 18 වැනි ඕවර දෙකේදී සෑම් කරන් සහ මාක් වුඞ් දෙදෙනාගෙන්ම ලබාගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි. ඒ අතරවාරයේදී නායක දසුන් ශානකත් දැවී ගියේය.
භානුක රාජපක්‍ෂ - නොදැවී 18
වනිඳු හසරංග  -  නොදැවී 01

 

02:46 PM

ශ්‍රී ලංකාව - ඕවර 16  කදී කඩුලු 4 ට 120 යි
විශිෂ්ට පිතිහරඹයකින් පසුව පැතුම් නිස්සංක ලකුණු 67 කට දැවී යන්නේ පසුපෙළ පිතිකරුවන්ට අවශ්‍ය වේදිකාව සකස් කර දීමෙන් පසුවය. පන්දු 45 කින් ලකුණු 67 ක් ලබාගත් නිස්සංකගේ ඉනිමට ඇතුළත් හතරේ පහර සංඛ්‍යාව 2 කි. හයේ පහර සංඛ්‍යාව 5 කි. දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටි අදිල් රෂීඞ් සිය ඕවර 4 ලකුණු 16 කට සීමාකර ගනී. 
භානුක රාජපක්‍ෂ - නොදැවී 15
දසුන් ශානක  -  නොදැවී 01

 

02:22 PM

ශ්‍රී ලංකාව - ඕවර 10  කදී කඩුලු 2 ට 80 යි
අවසන් ඕවර 4 දී ලකුණු 27 ක්. කුෂල් මෙන්ඩිස් මෙන්ම ධනංජය ද සිල්වාත් දැවී ගියේ හතරේ සීමාවට අඟල් කිහිපයක් මෙපිටින් සිට, අති විශිෂ්ට අන්දමින් රැකගත් උඩපන්දු දෙකකිනි. එංගලන්තයේ පන්දු රැකීම එවන් විශිෂ්ට තත්ත්වයක තිබියදීත් ශ්‍රී ලංකා පිතිකරුවෝ වේගවත් ගමනක නිරතව සිටිති. 
පැතුම් නිස්සංක - නොදැවී 46
චරිත් අසලංක  -  නොදැවී 05

 

02:00 PM

ශ්‍රී ලංකාව - ඕවර 6 කදී කඩුලු 1 ට 53 යි
පළමු ඕවර 6 යැවීමට එංගලන්ත නායකයා පන්දු යවන්නන් 5 දෙනකු යොදාගැනීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ප්‍රහාරයේ තරම පෙනේ. මුල් ඕවර 5 දී ලකුණු 52 ක් උදුරා ගැනීමට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් දෙදෙනා සමත් වූවත් 6 වැනි ඕවර ලකුණු 2 කට සීමාකරගැනීමට අදිල් රෂීඞ්ට හැකිවිය.  
පැතුම් නිස්සංක - නොදැවී 32
ධනංජය ද සිල්වා  -  නොදැවී 02

 

01:49 PM

ප්‍රවේගකාරී ආරම්භයකට පිවිස සටින පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා පළමු ඕවර 3 දී ලකුණු 32 ක් උදුරා ගනිනි. මෙම පන්දු 18 ඇතුළත හයේ පහර 3 ක් තිබේ. 
පැතුම් නිස්සංක - නොදැවී 19
කුසල් මෙන්ඩිස්  -  නොදැවී 13

 

01:15 PM

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර  අද පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී  ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.


අදහස් (0)

එංගලන්තය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.