කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 93 වැනි ජාතික බොක්සිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයත්, කාන්තා ශූරතාව දිනාගැනීමට යුනිචෙලා ක්‍රීඩා සමාජයත් සමත් විය.
පිරිමි ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට සැරයන් සෙල්වදුරෙයි අනුස්මරණ කුසලාන හිමි වූ අතර කාන්තා ශූරතාව දිනාගැනීම වෙනුවෙන් යුනිචෙලා ක්‍රීඩා සමාජයට නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලාන හිමිවිය.
රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 සමගින් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත්තේය. ඔවුන්ට ඉතා තියුණු තරගයක් දුන් යුද හමුදාව රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගින් එහි අනු ශූරතාවට හිමිකම් කීවේය.
යුනිචෙලා ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනාගත්තේ රන් පදක්කම් 6 ක් සහ රිදී පදක්කම් 3 ක් සමගිනි. රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගත් පොලිසියට එහි අනු ශූරතාව හිමිවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ සංජීව නුවන්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ නදීකා පුෂ්පකුමාරිද සම්මාන දිනාගත්හ.
ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ ක්‍රීඩකයකු වූ කේ.වී.එල්. එරන්ද සහ ක්‍රීඩිකාවක වූ අයි.පී. ඉලංගරත්න තරගාවලියේ දක්ෂතම පරාජිතයා සහ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් තේරී පත්වූහ.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට ක්‍රීඩා සමාජ 11 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 81 දෙනෙක් සහභාගී වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ උප සභාපති ඔබ්රි පීරිස් මහතා සහභාගි විය.
පිරිමි තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
සංජීව නුවන් (යුද හමුදාව) විසින් ඒ.එම්. බණ්ඩාර (නාවික හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
එම්.වී. බණ්ඩාර (යුද හමුදාව) විසින් පී.ජී.ඊ මධුෂාන් (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
යූ.එන්.කේ. අමරවංශ (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් පී.එස්. කුමාර (නාවික හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
කේ.ඒ. ජයම්පති (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් විමුක්ති කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
පී.වී. සපරමාදු (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ආර්.ඩබ්ලිව්. රාජකරුණා (යුද හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එන්.එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ආර්.ජී.එස්. කුමාරසිංහ (නාවික හමුදාව) පරාජය
කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
එච්.ඩබ්ලිව්. රත්නසිරි (පොලිසිය) විසින් ඩී.එල්. කුමාර (නාවික හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ජී.ඒ.එන්. ප්‍රනාන්දු (නාවික හමුදාව) විසින් ඩබ්ලිව්.ඒ.ආර්. සඳකැළුම් (යුද හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
ඩබ්ලිව්.එල්. සඳුන් (ගුවන් හමුදාව) විසින් කේ.ජී. ජයසේන (යුද හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ඒ.ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් එල්.ටී. රත්නදිවාකර (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
කාන්තා තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
නදීකා පුෂ්පකුමාරි (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් අයි.පී. ඉලංගරත්න (පොලිසිය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
කේ.ඒ.කේ. නිල්මිණි (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එච්.එස්. ප්‍රියදර්ශනී (යුද හමුදාව) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
එම්.පී. කුරේ (ගුවන් හමුදාව) විසින් එච්.එන්.එස්. තල්ගස්පිටිය (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
කේ.ඒ.කේ. හංසිකා (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් පී.ඒ. පස්යාල (ගුවන් හමුදාව) ජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
කේ.ඒ.ඩී. ධර්මතිලක (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් ටී.එස්. ඉමන්දි (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
එස්.එන්. සඳමාලි (පොලිසිය) විසින් ඒ.එම්.පී. අතපත්තු (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
එච්.එම්. උදයංගනී (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් පී.කේ.ඩී. ප්‍රියදර්ෂනී (පොලිසිය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
පී.කේ. සුමුදු (යුද හමුදාව) විසින් අයි.ඩබ්ලිව්. චන්ද්‍රසේකර (යුනිචෙලා ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ජී.ඩී. ජයදේව (යුනිචෙලා ක්‍රීඩා සමාජය) විසින් එන්.පී. ජයවර්ධන (පොලිසිය) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.