වෙළෙඳ සේවා හොකී සංගමය සංවිධානය කළ වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත්විය. ශූරතාව වෙනුවෙන් හැටන් නැෂනල් බැංකු පිලට ‘ඩෙනිස් ද රොසයිරෝ අභියෝග කුසලාන’ පිරිනැමිණ.
කොළඹ ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අනුශූරතාව කොමර්ෂල් බැංකුවට හිමිවිය. හැටන් නැෂනල් බැංකුව සහ කොමර්ෂල් බැංකුව අතර පැවැති අවසන් තරගයෙන් ගෝල 1-0 ක ජයක් ලැබු හැටන් නැෂනල් බැංකුව පිට පිට තෙවැනි වසරටත් ශූරතාව හිමිකර ගත්තේය.
හැටන් නැෂනල් පිලේ උපුල් ධනුෂ්ක ප‍්‍රනාන්දු ජයග‍්‍රාහී ගෝලය ලබා ගත්තේය. උපුල්, ඒ කාණ්ඩයේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙසද සම්මාන ලැබීය.
ඒ. අයි. ඒ. රක්‍ෂණ සමාගම ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගත්තේ සෙලාන් බැංකුව ගෝල 2-1 කින් පරාජය කරමිනි.
මෙවර තරගාවලියේ විනීතම කණ්ඩායම ලෙස සම්පත් බැංකු කණ්ඩායම තේරීපත්විය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.