වසර 2015 සිට අත්හිටුවා තිබෙන ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවරණය කැඳවීම සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පස් දෙනකුගෙන් සමන්විත නිලවරණ කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා අද (17) උපදෙස් දුන්නේය.
එම කමිටුවට ජාතික ඔලිම්පික් කමිටුවෙන් තිදෙනකු පත් කෙරන අතර ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව හොකී සම්මේලනයේ නිලවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ඇමැතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බවයි.
වසර 2015 මැයි 29 වැනිදා එවකට ක්‍රීඩා ඇමැතිවරයාව සිටි නවින් දිසානායක මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව හොකී සම්මේලනයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවමින් එහි කටයුතු පවත්වා ගෙනයාම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතට පත් කර තිබුණි.
හොකී සම්මේලනයේ නිලවරණය කැඳවීමේ ඇමැති නියමය ඔලිම්පික් කමිටුව වෙත දැනුම්දීමට ද පියවර ගෙන තිබේ.
-223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.