Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී තරගාවලියට අයැදුම්පත් කැඳවයි

හොකී තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස 17 න් පහළ හොකී තරගාවලියට (බාලක/බාලිකා) සහභාගිවන කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනේ. තරගාවලිය අගෝස්තු මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා මිහින්තලේ පිහිටි රජරට විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියක් අනුරාධපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයවේ.

තරගාවලියට සහභාගිවන කණ්ඩායම් මේ මස 25 වැනිදාට පෙර අනුරුද්ධ හේරත් බණ්ඩාර, ලේකම්, ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය, විජය විදුහල, මාතලේ යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය. පසුගිය වසරේ පැවැති තරගාවලියේ බාලක සම ශූරතාව මාතලේ විජය විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය විසින් දිනාගනු ලැබිණ.  

මහනුවර සීතාදේවි විදුහල පසුගිය වසරේ බාලිකා ශූරතාව දිනාගත් අතර  නාවල ජනාධිපති බාලිකා විදුහල අනුශූරතාව හිමිකර ගත්තේය.

 


අදහස් (0)

හොකී තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.