Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හර්බට් පියනම අනුස්මරණ පැසිපන්දු ශූරතාව බ්ලූස් කණ්ඩායමට

හර්බට් පියනම අනුස්මරණ පැසිපන්දු ශූරතාව බ්ලූස් කණ්ඩායමට

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත මයිකල් විදුහලේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමය තෙවැනි වරටත් සංවිධානය කළ හර්බට් පියනම අනුස්මරණ කුසලාන පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හම්බන්තොට බ්ලූස් කණ්ඩායම සමත්විය.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව හමුවේ ලකුණු 57-51 ක් ලෙස ජය ලැබූ හම්බන්තොට බ්ලූස් කණ්ඩායම, පිට පිටම දෙවැනි වරටත් හර්බට් පියනම අනුස්මරණ කුසලාන තමන් සතුකරගන්නට සමත් විය.

තරගාවලියේ වටිනාම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගැනීමට හම්බන්තොට බ්ලූස් කණ්ඩායමේ රොෂාන් රන්දිම සමත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඔසඳ අමරසේන දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා ලෙසත්, හම්බන්තොට බ්ලූස් කණ්ඩායමේ වගීසන් ශන්මුගලිංගමන් දක්ෂතම ආරක්ෂාකරී කී‍්‍රඩකයා ලෙසත් සම්මාන දිනාගත්හ. දක්ෂතම පන්දු යොමුකරන්නාට හිමි සම්මානය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රවී දොඩන්ගොඩ සමත්විය.

අවසන් පූර්ව වටයේදී මඩකළපුව බ්ලූස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකා පොලිසිය පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය තෝරාගැනීම සඳහා පැවැති තරගයේදී ශ්‍රී ලංකා පොලිසිය පරදවා මඩකළපුව බ්ලූස් කණ්ඩායම ජය වාර්තා කළේය.

හම්බන්තොට බ්ලූස්, මඩකළපුව රෙඞ්ස්, මඩකළපුව බ්ලූස්, ඔටර්ස් සහ යාපනය යන කී‍්‍රඩා සමාජ සහ, ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිසිය නියෝජන කරමින් කණ්ඩායම් 8 ක් මෙම තරගාවලියට එක්ව සිටි අතර මඩකළපුව ඉයුජින් හර්බට් කී‍්‍රඩාංගණයේදී තරගාවලිය පැවැත්විණ.

පළමු අවසන් පූර්ව තරගය
හම්බන්තොට බ්ලූස් කණ්ඩායම විසින් ලකුණු 73-44 ක් ලෙස මඩකළපුව බ්ලූස් කණ්ඩායම පරාජය කරන ලදි.

දෙවැනි අවසන් පූර්ව තරගය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලකුණු 60-56 ක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය පරාජය කරන ලදි.

තෙවැනි ස්ථානය සඳහා වූ තරගය
 මඩකළපුව බ්ලූස් කණ්ඩායම විසින් ලකුණු 59-52 ක් ලෙස ශ්‍රී ලංකා පොලිසිය පරාජය කරන ලදි.

අවසන් මහා තරගය
හම්බන්තොට බ්ලූස් කණ්ඩායම විසින් ලකුණු 57-51 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරාජය කරන ලදි.


අදහස් (0)

හර්බට් පියනම අනුස්මරණ පැසිපන්දු ශූරතාව බ්ලූස් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.