ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ වසර මැද ආධුනික කැරම් තරගාවලියේ (2016) පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට සුරාජ් මධුවන්ත සහ සශ්‍රීක මුතුනායක සමත්වුහ. තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහා තරග පසුගියදා කොහුවල ශ්‍රී ලංකා කැරම් සංගම් මුලස්ථානයේදී පැවැත්විණ.
රෙබෙකා ඩැල්රින් සහ සුචිනි ශෂිකලා කාන්තා යුගල ඉසව්වේ ශූරතාව දිනාගත්හ. පිරිමි යුගල ඉසව්වේ අවසන් මහා තරගයේදී ඉෂාන් කන්නන්ගර සහ චරිත් මධුෂංක තරග වට 2-1 (25/15, 10/25, 25/10) කින් පරදවා සුරාජ් සහ සශ්‍රික ජය ගත්හ.
කාන්තා යුගල අවසන් මහා තරගයේදී රෙබෙකා සහ සුචිනි හමුවේ සදිනි නිරාෂා සහ නෙත්මා සෙව්මිණී පරාජය වුයේ තරග වට 2--0 කිනි. එහි ලකුණු තත්ත්වය 25/8, 25/18 ක් ලෙස සටහන්විය.
ඒ. ඩී. ඉන්ද්‍රජිත් සහ කේ. ඩබ්ලිව්. ධනුක පිරිමි යුගල ඉසව්වෛන් තෙවැනි ස්ථානයට ද, නුවන්තිකා සංජීවනී සහ ටෂ්මිලා කාවින්දි කාන්තා යුගල ඉසව්වෙන් තෙවැනි ස්ථානයට ද පත්වුහ.
තරගාවලියේ පිරිමි සහ කාන්තා කේවළ ඉසව්වන්ගේ අවසන් මහා තරග ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.