Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සා.සර්වේශස් විදුහල පෙර අ.අ. පූර්ව වටයට

සා.සර්වේශස් විදුහල පෙර අ.අ. පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අද (3 වැනිදා) සමත්විය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 129 ක ජයක් ලබාගැනීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සමත්විය.

පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ ශෂික දුල්ෂාන් අර්ධ ශතකයක් (86) සහ ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.


සා.සර්වේශස් විද්‍යාලය - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 257
(ශෂික දුල්ෂාන් 86, රිෂිර ලක්වින් 31, කේෂර නුවන්ත 28, චේතක දෙනුවන් 27, නවීන් ශෂිත් 26, චාලුක අතපත්තු 44/3, නිකිල ධර්මදාස 38/3, විදත් පටේපොල 37/2)

මලියදේව විද්‍යාලය - ඕවර 32.1 කදී සියලුදෙනා දැවී ලකුණු 128
(කෙවින් බණ්ඩාර 64, විදත් පටේපොල 32, ශෂික දුල්ෂාන් 17/4, නවින් සහිත් 26/2, චේතක දෙනුවන් 09/2)

 


අදහස් (0)

සා.සර්වේශස් විදුහල පෙර අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.