ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ අන්තර් මධ්‍ය ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේදී (2016) ස්ටාර්ෆිෂ් පිහිනුම් ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනෙක් පදක්කම් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වුහ.
පසුගියදා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති මෙම තරගාවලියට පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 670 දෙනෙක් සහභාගිවුහ.
සචින්ත නෙත්රංජන, පබසර මුණසිංහ සහ අනර්ගි ජයකොඩි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා තරගාවලියේ 15 න් පහළ සහ 17 න් පහළ වයස් කාණ්ඩ දෙකින් පදක්කම් නවයක් දිනාගත් අතර ඉන් පදක්කම් තුනක්ම රන් පදක්කම් විය.
පබසර මුණසිංහ වයස 15 න් පහළ ඉසව්වන්ට සහභාගිවිය. පබසර, මීටර 200 කේවළ මිශ්‍ර ඉසව්වෙන් මෙන්ම මීටර 400 නිදහස් ආර ඉසව්වෙන් ද රන් පදක්කම් දෙකක් දිනා ගත්තේය. මීටර 100 සහ මීටර 50 නිදහස් ආර ඉසව් දෙකෙන් පබසර රිදී පදක්කම් දෙකක්ද ලැබීය.
වයස 17 න් පහළ ඉසව් නියෝජනය කළ සචින්ත නෙත්රංජන රන් පදක්කම දිනා ගත්තේ මීටර 50 ළය ආර ඉසව්වෙනි. සචින්ත, මීටර 100 ළය ආර ඉසව්වෙන් සහ නිදහස් ආර ඉසව්වෙන් රිදී පදක්කම් හිමිකර ගත්තේය.
ඔහු මීටර 50 සහ මීටර 100 සමනළ ආර ඉසව් දෙකෙන් සිවුවැනි ස්ථානය ලැබීය.
15 න් පහළ බාලිකා ඉසව්වන්ගෙන් තරග කළ අනර්ගි ජයකොඩි මීටර 50 ළය ආර ඉසව්වෙන් සහ මීටර 50 සමනළ ආර ඉසව්වෙන් රිදී පදක්කම් දෙකක් දිනා ගත්තාය. අනර්ගි මීටර 100 ළය ආර ඉසව්වෙන් සිවුවැනි ස්ථානයට පත්වුවාය.
ස්ටාර්ෆිෂ් පිහිනුම් ඇකඩමියේ පුහුණුකරු දිනේෂ් දයානන්ද මහතා යටතේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පුහුණුවීම්වල නිරත වෙති.
|
පබසර මුණසිංහ |
අනර්ගි ජයකොඩි තම පුහුණුකරු දිනේෂ් දයානන්ද මහතා සමග
|
සචින්ත නෙත්රංජන සහ අනර්ගි ජයකොඩි
|
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.