Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්කොෂ් සංගමයේ නව උපකරණ සපයන්නා ඩන්ලොප්

ස්කොෂ් සංගමයේ නව උපකරණ සපයන්නා ඩන්ලොප්

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ නිල උපකරණ සපයන්නා ලෙස කටයුතු කිරීමට ඩන්ලෝප් ආයතනය සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබූහ.

ඒ අනුව ඉදිරි වසර දෙක තුළදී ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කරන සියලූම ස්කොෂ් තරගාවලි සඳහා අවශ්‍ය ස්කොෂ් පන්දු සැපයීමටත්, ස්කොෂ් පුහුණු කඳවුරු පැවැත්වීමටත්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් ඩන්ලොප් ආයතනය ඉදිරිපත්ව සිටී.

මේ අවස්ථාවේදී ඩන්ලොප් ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂක එම්. එම්. මොහොමඞ් මහතා ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ස්කොෂ් කී‍්‍රඩකයන් දෙදෙනකු වන, ඞී. එස්. සේනානායක විදුහලේ රවිඳු ලක්සිරිට සහ ශමිල් වකීල්ටත්, තවත් දක්‍ෂ ස්කොෂ් කී‍්‍රඩිකාවක වන සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ මිහිලියා මෙත්සරණිටත් ස්කොෂ් කී‍්‍රඩා උපකරණ කට්ටල පිරිනැමීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති පාලිත වීරසිංහ, ලේකම් නිමල් රණසිංහ, භාණ්ඩාගාරික රොහාන් සිරිවර්ධන යන මහත්වරු සහ ස්කොෂ් පුහුණුකරුවෝ කිහිපදෙනෙක් සහභාගීවූහ.

 


අදහස් (0)

ස්කොෂ් සංගමයේ නව උපකරණ සපයන්නා ඩන්ලොප්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.