ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යාංශය සහ ඩිලාන් පෙරේරා සහයෝගීතා පදනම සංවිධානය කළ 2016 සහෝදරත්වයේ ජාතික ක්‍රීඩා උළෙලේ ශූරතාව ලකුණු 268 ක් ලබා කැලණි නිවාසය විසින් දිනා ගන්නා ලදී. හාලිඇළ ප්‍රාදේශීය සභා ක්‍රීඩංගණයේදී පැවැති මෙම ක්‍රීඩා උළෙලේ අනුශූරතාව නිල්වලා නිවාසය (ලකුණු 264) ද, තෙවැනි ස්ථානය වලවේ නිවාසය ද (ලකුණු 224) හිමිකර ගත්තේය.
හාලිඇල මධ්‍ය මහා , හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව, හාලිඇල අල් රිෂාඞ් මුස්ලිම්, ඌව විද්‍යා සහ හාලිඇල දෙමළ විදුහල යන නගරයේ පාසල් පහකින් බාලක බාලිකාවෝ 2900 දෙනෙක් කැලණි, මහවැලි, වලවේ සහ නිල්වලා ලෙස නිවාස හතරකට බෙදී ක්‍රීඩා උළෙලේ තරග කළහ.
වොලිබෝල්, දැල්පන්දු, ක්‍රිකට්, පාපන්දු සහ මලල ක්‍රීඩා යන ක්‍රීඩා ඉසව් ඇතුළත් වූ මෙහි දක්ෂතම ක්‍රීඩකයා ලෙස කැලණි නිවාසයේ එල්.එම්.ඉෂාන් සංගීත් නාමල් ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිල්වලා නිවාසයේ ඒ. තක්ෂිලා ද සම්මාන ලැබුහ.
සිලෝන් බිස්කට්ස් ආයතනය මෙම ක්‍රීඩා උළෙල සඳහා අනුග්‍රහය දැක්වීය.
මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මැතිතුමාගේ ආරාධනයෙන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරින් ප්‍රනාන්දු, ජාතික සහජීවනය, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ගරු ඒ. එච් .එම්. ෆවුසි, විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඌව පළාත් ආණ්ඩුකාර ජී.ඒ.ජයසිංහ, සබරගමු පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගිවුහ.
|
|
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.