ජාතික බිලියඞ් ශූරතාව 21 වරක් දිනාගෙන සිටින ප‍්‍රවීන බිලියඞ් කී‍්‍රඩයකු වන කේ. එච්. සිරිසෝම, 61 වැනි වරටත් පවත්වනු ලබන ජාතික බිලියඞ් ශුරතාවලියේදී යළිත් වතාවක් ජාතික ශූරතාව සොයා තරග බිමට පිවිස සිටී.
පිට පිටම 18 වතාවක් ජාතික ශූරතාව දිනාගනිමින් වාර්තාවක්ද පිහිටුවා ඇති සිරිසෝම පරාජය කරමින් පසුගිය වසරේදී ශූරතාව දිනා ගැනීමට මුවර්ස් කී‍්‍රඩා සමාජයේ අස්ලම් සතාර් සමත් වූ නමුත් සිරිසෝම යළිත් වතාවක් ජාතික ශූරතාවලියට ඉදිරිපත් වී සිටී.
ශී‍්‍ර ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය මගින් 61 වැනි වරටත් පවත්වනු ලබන ජාතික බිලියඞ් ශුරතාවලියේ අවසන් වටය ලබන සඳුදා (19 වැනිදා) කොළඹ සුගතදාස හෝටලයේ පිහිටි බිලියඞ් කී‍්‍රඩාගාරයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලිය අද (17 වැනිදා) ආරම්භ කිරීමට සූදානමින් සිටියද සුගතදාස කී‍්‍රඩාංගණය පිහිටි ප‍්‍රදේශයේ පවතින විදුලි බල විසන්ධි කිරීම නිසා තරගාවලි ආරම්භ කිරීම 19 වැනිදා දක්වා කල්දැමීමට සිදුවූ බව බිලියඞ් සහ ස්නූකර් සංගමයේ සභාපති ෂෆීක් රාජාබ්දීන් මහතා පැවසීය.
අවසන් වටයට සුදුසුකම් ලබා සිටින කී‍්‍රඩකයන් 32 දෙනා එකකට සිවු දෙනකු වන පරිදි කාණ්ඩ 8 කට බෙදා ලීග් ක‍්‍රමයට තරග පැවැත්වීමෙන් අනතුරුව පිළිමළුන් පිටු දැකීමේ තරග ආරම්භ වේ.
අවසන් වටයට පිවිසි කී‍්‍රඩකයෝ
‘ඒ’ කාණ්ඩය -
කේ. එච්. සිරිසෝම (ශ්‍රී ලංකා වරාය අධිකාරිය), ටී. බී. ඒකනායක (මහනුවර), ඒ. එම්. මනෝරාජා (මුවර්ස්), එම්. ජිෆ්රි (ගාල්ල)
‘බී’ කාණ්ඩය -
අබ්දුල් සතාර් (මුවර්ස්), පානි සෝමරත්න (සෞඛ්‍ය කී‍්‍රඩා සමාජය), ආර්. සී. අල්විස් (යුද හමුදාව), ආර්. පී. ගනේෂ් (එම්. අයි. සී. එච්.)
‘සී’ කාණ්ඩය -
එම්. එම්. මබීන් (යුද හමුදාව), එම්. එන්. ඒ. මුක්තාර් (මුවර්ස්), ආර්. එම්. පී. රත්නායක (යුද හමුදාව)
‘ඞී’ කාණ්ඩය -
අනිල් රෝහණ (ඒ. සී. සී.), එම්. නස්රුධීන් (එම්. අයි. සී. එච්), ගාමිණි දේවපතිරාජ (තරුණ කි‍්‍රස්තියානි සංගමය), ඞී. සෙනෙවිරත්න (තරුණ කි‍්‍රස්තියානි සංගමය)
‘ඊ’ කාණ්ඩය -
ඒ. ජයරත්න (වයි. එම්. බී. ඒ), රෝහිත ද සිල්වා (ශ්‍රී ලංකා වරාය අධිකාරිය), ඒ. ඒ. කරීම් (මුවර්ස්), එම්. එච්. එම්. හිල්මි (එම්. අයි. සී. එච්.)
‘එෆ්’ කාණ්ඩය -
ෆයිසාල් හනීෆා (මුවර්ස්), ඩබ්. එම්. චන්ද්‍රසේන (යුද හමුදාව), එස්. අයි. හිනූන් (එම්. අයි. සී. එච්.), පී. ඒ. එම්. බදුර්දීන් (එම්. අයි. සී. එච්.)
‘ජී’ කාණ්ඩය -
ටී. සමරසිංහ ( ඕ. ඒ. සී.), එස්. එම්. ෂර්වාර්ඩි (මුවර්ස්), රොබින් අනීෆ් (එම්. අයි. සී. එච්.), ටී. ඞී. මධුරංග (යුද හමුදාව)
‘එච්’ කාණ්ඩය -
ඒ. එච්. එම් අස්ලාම් (මුවර්ස්), එම්. සී. මාර්ටිස් (මුවර්ස්), රස්වාන් අලි (එම්. අයි. සී. එච්.), ඩබ්. එම්. පී. පුෂ්පකුමාර (එම්. අයි. සී. එච්.)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.