Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා 7 කට ඉදිරිපත් වීමට සූදානම්

ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා 7 කට ඉදිරිපත් වීමට සූදානම්

ශනුක අරවින්ද - 2015 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන කී‍්‍රඩා කණ්ඩායමක් සහභාගිවන ඉහළම තරගාවලිය වන ලෝක විශ්වවිද්‍යාල කී‍්‍රඩා තරගාවලියේදී මෙවර කී‍්‍රඩා 07 ක් නියෝජනය කිරීමට ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමය  තීරණයකර ඇත. 

මලලකී‍්‍රඩා, බැඞ්මින්ටන්, ටෙනිස්, පිහිනුුම්, ඔරුපැදීම, ටයිකොන්ඩෝ සහ මේසපන්දු  කී‍්‍රඩාවන් සඳහා ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී කිරිමට නියමිතය. 

ජූලි මාසයේ දකුණු කොරියාවේ ග්වෑන්ජු නගරයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ තේරීම් තරග විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමය මගින් ඉදිරි දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වීශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමයේ ලේකම් රුවන් වෙල්ලස්ස මහතා පැවසීය. 

2011 වසර දක්වා මෙම තරග නියෝජනය කළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ නිලධාරීන් සිය වියදමින් හා නියෝජනය කරන විශ්වවිද්‍යාලයන් ගෙන් යම් ප‍්‍රතිශතයක අනුග‍්‍රහයක් යටතේ සහභාගී වී ඇති ඇත. 2011  වසරේ සිට සියලූම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට හා නිලධාරීන්ට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පූර්ණ මූල්‍ය අනුග‍්‍රහය මත තරගාවලියට සහභාගීවීමට අවස්ථාව සැලසී තිබේ. 

වසර 02 කට වරක් එළැඹෙන මෙම තරගාවලියට මෙවර ද වෙන්කර ඇති ප‍්‍රතිපාදන යටතේ රාජ්‍ය අනුගහය පෙර පරිදි ලැබෙනු ඇතැයි විශ්වවිද්‍යාල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා විශ්වාසය පළකරති.


අදහස් (0)

ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා 7 කට ඉදිරිපත් වීමට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.