Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල

ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියාවේ 17 වැනි ස්ථානයත්, පිරිමි කණ්ඩායමට ආසියාවේ 19 වැනි ස්ථානයත් හිමි වී තිබේ.

කේවල අංශයේ තරගද මේ වන විට ආරම්භවී ඇති අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පවනි සිරිසේන හැරුණුකොට අන් කිසිදු කී‍්‍රඩකයෙකු හෝ කී‍්‍රඩිකාවක තවමත් කේවල තරගයක් ජයගැනීමට සමත්වී නැත.

කාන්තා කේවල තරගයකදී මොන්ගෝලියානු කී‍්‍රඩිකවක වන මර්ජෙන් ඩෙල්ජෙර්මා තරග වට 4-3 ක් ලෙස පරාජය කිරීමට පවනි සිරිසේන සමත් වූවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන් ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියකට පුහුණුකරුවෙකු නොමැතිව සහභාගීවීම මෙලෙස පරාජය වීමට හේතුව බව බොහෝදෙනාගේ මතයයි.

පිරිමි කේවල තරග ප‍්‍රතිඵල
 චන්ග් ශුන් - හංග් (චීන් තායිපේ) විසින් රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) 4 - 1 පරාජය කරන ලදී.
ජන්ග් යෝන්ග්සික් (කොරියාව) විසින් මලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකාව) 4 - 0 පරාජය කරන ලදී.
ඇන්තනී අමල්රාජ් (ඉන්දියාව) විසින් ඉන්දික ද සිල්වා (ශ්‍රී ලංකාව) 4 - 0 පරාජය කරන ලදී.
පංග් සුයි ජී (සිංගප්පූරුව) විසින් උදය රණසිංහ (ශ්‍රී ලංකාව) 4 - 0 පරාජය කරන ලදී.

කාන්තා කේවල තරග ප‍්‍රතිඵල
ගුයෙන් තී වීට් ලිං (වියට්නාමය) විසින් ඉශාරා මධුරංගි (ශ්‍රී ලංකාව) 4 - 0 පරාජය කරන ලදී.
පවනි සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් මර්ජෙන් ඩෙල්ජෙර්මා (මොංගෝලියාව) 4 - 3 පරාජය කරන ලදී.
හිරනෝ සයකා (ජපානය) විසින් පවනි සිරිසේන (ශ්‍රී ලංකාව) 4 - 0 පරාජය කරන ලදී.
බී ලී වෙයි (මැලේසියාව) විසින් රිද්මි ධනංජනී (ශ්‍රී ලංකාව) 4 - 0 පරාජය කරන ලදී.


අදහස් (0)

ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.