Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව මැලේසියාවට පරදී

ශ්‍රී ලංකාව මැලේසියාවට පරදී

රොෂාන් ගුණරත්න - 2016 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන 10 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේදී ඊයේ (3) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 38-32 කින් පරාජය කළ මැලේසියාව ‘බී’ කාණ්ඩයෙන් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.


 තරගයේ පළමු වටය ලකුණු 9/9 ක් ලෙස සම තත්ත්වයේ පැවැතියද, දෙවැනි වටය ලකුණු 9/8, තෙවැනි වටය ලකුණු 14/6 ක් ලෙස මැලේසියාව ජය ගත්තේය. සිවු වැනි වටය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 9/6 ක් ලෙස ජය ගත්තද එය තරග ජයග්‍රහණය කරා යාමට අස්වැසිල්ලක් නොවීය.


වසර 2005 න් පසුව මැලේසියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වු පළමු අවස්ථාව මෙයවේ.


මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වු පළමු තරගයෙන් ජපානය පරදවා ලකුණු 67/14 ක පහසු ජයක් ලැබීය. මැලේසියාව ආසියානු දැල්පන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි සිටින්නේ දෙවැනි තැනය.


ශ්‍රී ලංකාව අද (4) බෲනායි කණ්ඩායම සමඟ මුලික වටයේ අවසන් තරගයට සහභාගිවීමට නියමිතය.  


-090

 


අදහස් (0)

ශ්‍රී ලංකාව මැලේසියාවට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.