Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවෙයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවෙයි

Nisanka Sandeepani - 2018 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංගලාදේශය හමුවෙයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටිති.

අවසන් පූර්ව තරග දෙකම බ්‍රහස්පතින්දා පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු අවසන් පූර්ව තරගය අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද, දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම, ඕමානයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළ අතර ඉන්දියාව හමුවේ පරාජයට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ අතර සහභාගි වූ තරග 3 ම ජයගත් ඉන්දියාව එම කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ පාකිස්තානය සහ බංග්ලාදේශය තරග 2 බැගින් ජයග්‍රහණය කරමින් සම ලකුණු ලබාගත් අතර දළ ලකුණු වේගය අනුව බංග්ලාදේශයට එම කාණ්ඩයේ පෙරමුණ හිමිවිය. ඇෆ්ගනිස්තාන, ඕමාන, එක්සත් අරාබි එමීර් සහ හො හොං කණ්ඩායම් මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසි විය.

තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව

 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.